(ඩී.ජී.සුගතපාල)
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව,තවලම,බද්දේගම,නාගොඩ වැලි විටිය දිවිතුර ආදී ප්‍රදේශවලට හදිසි ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂිත ස්ථාන වලට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පැවසීය.
ඇතිවි තිබෙන ආපදා තත්වය පිළිබඳව අද (19) පස්වරුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව කියා සිටියේය.
කොරෝනා අවදානම නිසා සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම ආරක්ෂිත ස්ථාන පවත්වාගෙන යන බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.
ගිං ගඟ දෙපස පහත් බිම්වල සිටින ජනතාවට ඉවත්වීමේ නියෝගයක් ලැබුණ පසු ඔවුන් ඉවත් කිරීමටද පියවර ගන්නා බව ඔහු පැවසීය.
එයට අමතරව පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදිමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන 218 ක් හඳුනාගෙන තිබෙන අතර කොරෝනා අවදානම නිසා සමාජ දුරස්ථභාවය අනුව ආරක්ෂිත ස්ථාන සංඛ්‍යාව තවත් වැඩිකිරිමට පියවර ගන්නා බවය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගාල්ලේ ප්‍රදේශ රැසක ජනතාව ආරක්ෂිත ස්ථාන වලට