තරිඳු ජයවර්ධන
තංගල්ල බෙලිඅත්තේ රිලාගලයාය පාරිසරික පද්ධතියේ පිහිටි ගල් කන්දක් අධිවේගී මාර්ගය සඳහා කැඩීමට එරෙහිව දිගින් දිගටම සටන් කළ ගැටමාන්නේ තරුණයකු (30) පහරකෑමට ලක්ව තංගල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.
ප්‍රදේශයේ සිදුවීමට නියමිත විශාල පාරිසරික හානියකට විරුද්ධව වසරක පමණ කාලයක් තිස්සේ සටනේ නියුතු මෙම පුද්ගලයා මීට දෙදිනකට පෙර මේ ගැන ජනමාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබිණි.
අද සවස ඔහු දියනෑමට ගොස් සිටිය දී පැමිණි දෙදෙනකු හිසට බෝතලයකින් පහර දී ඔහු වනාන්තරයේ කිලෝමීටර තුනක් පමණ ඇදගෙන ගොස් ගස් බැඳ පහර දී තිබේ. රිලාගල යාය සුරැකීමේ සටනින් ඉවත් නොවුනහොත් මරා දමන බව ද පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ බවට පොලිසියට පැමිණිලි කර තිබේ.
පහරකෑමට ලක්වී සිටි මේ පුද්ගලයා ගම්වාසීන් විසින් අද රාත්‍රී රෝහල් කරනු ලැබීය.
රිලාගල යාය විනාශ කිරීමට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා එක්ව පරිසර වේදීහු සහ ගම්වාසීහු පසුගිය සතියේ බත්තරමුල්ල මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට විරෝධතාවක් සිදු කළහ.
2025 නොවැම්බර් මස 04
380
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2167
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1646
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පරිසරය වෙනුවෙන් හඬ නැගූ තරුණයාට මැර ප්‍රහාරයක්
Indunil Wednesday, 01 August 2018 05:41 PM
සියල්ල පාලකයන් නැති කරනු ඇත...
sudath Wednesday, 01 August 2018 07:09 PM
වහාම ඔහුට සමාජයේ අවධානය හා ආරක්ෂාව හිමි විය යුතුය. මැරයන් අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාත්මක විය යුතුය
de silva Wednesday, 01 August 2018 07:31 PM
ඔය අධිවේගී මාර්ගය බෙලිඅත්ත හරහා හම්බන්තොට දක්වා හදන්න තීන්දු තීරණ ගත්තේ මහින්ද මහත්මයාගේ කාලේ ඔය මාර්ගේ දැන් වැඩ බොහෝදුරට අවසන් , දැන් විරුද්ධ වුන කියල ඕක වෙන පැත්තකින් හදන්න බැහැනේ ? හරිනම් කලින්ම විරුධවෙලා නඩුවක් පැවරුවා නම් ඉවරනේ , දැන් ඕකට ඩොලර් කොටි ගණනාවක් යට කරලා තිබෙන්නේ ඒවාට පොලි ගෙවන්නේ බදු ගෙවන ජනතාව වන අපිට , ඕක හදල විවුර්ත කරහම ඕකෙන් දිනපතා අධායමක් ලැබෙනවා එකෙන් පුළුවන් අඩුම තරමේ පොලියවත් ගෙවාගන්න , නිකන් අනවශ්‍ය උද්ගෝෂණ කිරීමෙන් වෙන්නේ රටේ ආර්ථිකය කඩ වැටිලා අපි තව තව පිට රටවලට නය වෙන එක .
Perakum Thursday, 02 August 2018 02:32 AM
අපි දේශපාලකයින්ට චන්දය දීල පත්කරගත්තේ පරිසර විනාශයට පුර්ණ බලතල දීලයි. දැන් ඉතින් ඒ ගැන කලබල වෙලා වැඩක් නැහැ. වැරැද්ද අපේ අතේ. ඊළඟ මැතිවරණයේදී බලාගමු.
jayantha Thursday, 02 August 2018 03:35 AM
කාල්ටන් නිවසෙන් වෙන්න ඇති ඔය චන්ඩි ටික එවන්න අතේ .
sudeshThursday, 02 August 2018 06:17 AM
කාල්ටන් නිවසෙන් එව්වානම් සිරිකොතෙන් හොයලා දඩුවම් දෙන්න ඕනේ.
රජින්ද Thursday, 02 August 2018 04:45 AM
ගස්-කොලන්, සතා-සීපාවුන්, නිල්වන් දිය දහරාවල් පෙන්නන්න බැරි අමනුස්සයින් පිරිසකට මේ රට බාර දුන් බුද්ධි හීන රටවැසියන් සියලුමදෙනා මේ රටේ සිදුවූ සහ සිදුවන දැවැන්ත ස්වභාවධර්මයේ පරිහානියට ඍජුව වගකිව යුතුය. මීළඟ ජන්දයට කලින් මොවුන්ට එරෙහිව යන්නට දැවැන්ත පරිසර හිතකාමී ජන පවුරක් සෑම ගමකම බිහිවිය යුතුය. දේශපාලන හෙන්චයියන් විසින් සිදුකල මේ මිලේජ්ච ප්‍රහාරයට ඔවුන්ව අත්අඩංගුවට ගනු ඇති බලාපොරොත්තුවක් නොමැති අතර, මේ සහෝදරයාට අත්වූ ඉරණම නැවත කිසිවෙකුට අත්නොවේවා...!!! මේ සහෝදරයාට ඉක්මන් සුවය ලැබේවා...!!!
lakmal Thursday, 02 August 2018 04:45 AM
හොදම වැඩේ. තමන්ගේ පාඩුවේ වැඩක් කරන ඉන්නේ නැති එවුන්ට ඕක තමි කරන්න ඕනේ
Raveendra Thursday, 02 August 2018 05:42 AM
ස්ථිර වශයෙන්ම දේශපාලුවෙක් මෙම සිදුවීම පිටුපස ඇති. දෙස්පාලුවා යනු තමන් උපන් මවුබිම විනාශ කාරණා කෙනෙකි.
Bandara Thursday, 02 August 2018 06:19 AM
රජින්ද අධි වේගය හැදු පසු පරණ පාරෙන්ම යන සැටි බලා ගත හැක.
de silva Thursday, 02 August 2018 06:49 AM
කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ ලංකාවට යහපාලන ක්‍රමයේ පාලන ක්‍රමයක් ගැලපෙන්නේ නැත , ලංකාවට ගැලපෙන්නේ ජයවර්ධන , ප්‍රේමදාස , රාජපක්ෂ මොඩල් එකේ පාලන ක්‍රමයන්ය, මේ විදිහට ගියොත් රටේ එක එක වෘතිකයන් කොටස් සහ දේශපාලන සංවිධාන සංවිධානය වී ඔවුන්ගේ අන්තනෝමතික ඉල්ලීම් දිනාගැනීමට වර්ජන, උද්ගෝෂණ කරන නිසා රටේ ආර්ථිකය අඩපනවෙලා, පාතාල ක්‍රියාකාරකම් නීතියේ ඇති ලිහිල් බව නිසා වර්ධනය වී ඇත ජිවන බර ඉහලගොස් තැලෙන්නේ පොඩි මිනිසාය.
පිටිගල මිලානෝ Thursday, 02 August 2018 08:03 AM
රාළහාමිලා භාවනායෝගීව සිටින අවස්ථාවක වෙන්න ඇති මෙම පහරදීම සිදුවුණේ.
නාමල් Thursday, 02 August 2018 10:26 AM
කවුද කවුද බෙලිඅත්තේ අපට උඩින් යන්න ඉන්නේ. බලාගමු