(රංජන් කස්තුරි)

මත්පැන් බෝතල්මත ආරක්ෂිත ස්ටිකරයක් යෙදීමේ ව්‍යාපෘතිය කෝවිඩ් හේතුවෙන් කෙටිකලකට කල්දැමීමට සිදුවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පවසයි.

එම වැඩපිළිවෙළ පිළිබඳව අද මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡාකර තීරණයකට එළඹෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියයි.

ආරක්ෂිත ස්ටිකර් අලවීම සඳහා කැඳවූ ටෙන්ඩරය පිළිබඳව ඉකුත් කාලයේදී  ගැටළු මතු වූ බවත් එම සමාගම සමග සාකච්ඡාකර විසඳාගත් බවත් ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීය.

මත් පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමේ වැඩපිළිවෙළට ඇතැම් පාර්ශව ඉකුත් කාලයේ චෝදනා රැසක් එල්ල කළේය.

එම ටෙන්ඩරය ලබාගත් සමාගම ඉන්දියාවේ අසාදු ලේඛන ගත සමාගමක් බව ද චෝදනා එල්ල විය.