IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් හෙට ලංකාවට

( තිළිණි ද සිල්වා)

 

වදහිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටු නියෝජිත කණ්ඩායමක් හෙට (2) මෙරටට පැමිණීමට නියමිතය.

සිව් දෙනෙකුගෙන් යුත් දුත් පිරිසක් මෙම සංචාරයට එක්වන අතර ඔවුන් මෝල්ඩෝවා, මුරුසිය, සයිප‍්‍රස් සහ පිලිපීනය යට රටවල්වලට අයත් බව නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේය.

ඒ අනුව මෙම නියෝජිත කණ්ඩායම  12 වැනි දා දක්වා ඔවුන් මෙරට සංචාරය කිරීමට නියමිතය.

ඒ අනුව දිවයිනට පැමිණෙන ඔවුන් මෙරට රාජ්‍ය නිලධාරීන්, මානව හිමිකම් කොමිසම සහ සිවිල් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

මීට අමතරව ස්වාධීන ජාතික නිවාරණ යාන්ත‍්‍රණයක් සකස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

ශ‍්‍රී ලංකා සංචාරයෙන් පසුව මෙම අනුකමිටුව ආර්ජන්ටිනාව සහ පලස්තීනය යන රටවලද සංචාරය කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉකුත් පෙබරවාරි මස 18 වන දින සිට 22 දක්වා පැවති රහස් සැසිවාරයකදී වද හිංසා වළක්වාලීම සඳහා වු එක්සත් ජාතීන්ගේ අනුකමිටුව විසින් කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට තීරණය කරනු ලැබූ අතර ඒ අනුව මෙම කණ්ඩායම දිවයිනට පැමිණේ.

 



අදහස් (4)

එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් හෙට ලංකාවට

නිරෝ ශාන් රත්න ප්‍රේම Monday, 01 April 2019 12:10 PM

අපේ මධුෂ් අයියා ලංකාවට එව්වොත් අල්ලලා වදහිංසා කරයි කියලද දන්නේ නැහැ හදිස්සියේ දුවගෙන එන්නේ...

:       0       55

Rupawathie Monday, 01 April 2019 01:01 PM

මහා බ්‍රහ්මයින්ටවත් පෙනී විල්පත්තුව විනාශ කරන එක දකිත්වා..

:       1       24

Rupawathie Monday, 01 April 2019 01:04 PM

මහා බ්‍රහ්මයටවත් පෙනී... අපේ විල්පත්තුවේ වන විනාශය දකිත්වා...!!!

:       0       0

nali Monday, 01 April 2019 07:01 PM

හානේ ! හරිම අවිහිංසා වාදී රටවල් හතරකින් තෝරාගෙන තියෙන්නී .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 342 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site