( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට සහ නීතීපතිවරයාට ලබන 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි අද ශ්‍රේෂ්ඨාධිකරණය නොතීසි නිකුත් කර ඇත.
ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ විනිසුරු සංයුතිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙලෙස නෙතීසි නිකුත් කර තිබේ.
COMMENTS
මෙතුමාගේ නූගත්කමට මෙතුමා අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ...
මේවා බුද්ධිය පාවිච්චි නොකර වැඩ කරන ඕන කෙනෙක්ට හොද පාඩම්.
අපි අවදියෙන් හාමුදුරුවන්ට දුන් තීන්දුව සේම මොහුටත් ලැබිය යුතුයි දඬුවම්. මෙය පළමුවර නොවෙි හැමදාම උසාවියට අපහාස කළා වන්ෂොට් අයියා...
රන්ජන් කිව්ව එක ඇත්ත උනොත් ඔහු නිදොස් කර නිදහස් කල යුතුයි
රන්ජන් කියපු කතාව බොරුවක් නෙමෙයිනේ .
පාර්ලිමේන්තුව ගැන කතා කරන්න පුළුවන්නම්, අමාතයංශ ගැන කතා කරන්න පුළුවන්නම්, ජනාධිපති ගැන කතා කරන්න පුළුවන්නම්, කතා කිරීමේ නිදහසත් තියෙනවා යැයි කියනවානම්, ඉතින් අධිකරණය ගැනත් කතා කරන්න තියෙන්නෙ ඒ නිදහසම තමා. අධිකරණය ගැන කතා කිරිම කිසිසේත්ම වැරදි දෙයක් නෙවේ. අපේ රටේ අවාසනාවට ඒක එහෙම වුණාට නිර්භීතකම තියෙන්න ඕන රිදී තිරය මත පමණක්ම නෙවේ සැබෑ ජීවිතයේදිත් නිර්භීත කම තිබිය යුතුයි කියන එක පෙන්නා දීපු එක් කෙනෙක් තමා විජය කුමාරතුංග කියන්නේ. එතුමාගේ අඩිපාරේ යමින් රන්ජන් රාමනායකත් අභීතව මහජනතාව වෙනුවෙන් කතා කරන වීරයෙක්. ඔහුට දේශපාලන කෝණයෙන් බලා අනවශ්‍ය විදියට හෑල්ලු කරන්න එපා. අපේ රට බේරගන්න ඕන යූ ඇන් පියෙන් විතරක් නෙවේ. මේ රට හරක් ඉන්න හැම පක්ෂයකින්ම බේරගන්න ඕන. ඒ ගැන හිතන්න.
දැන් හොදටම පැහැදිලියි මහා පරිමාණ කෝටි ගනම් හොරකම් කා විසින්ද නැවැත්තුවේ කියල. ඉතින් රන්ජන් සත්‍ය කියපු නිසා වෙච්ච දේ .
ඕනෑම දෙයක් ගැන හරි හෝ වැරදි තම අදහස් ප්‍රකාශ කිරීම ඕනෑම පුද්ගලයකුට තිබිය යුතු පරම අයිතියකි. එය දඩුවම් නොලැබිය යුතු දෙයකි. විනිශ්චය කිරීම, පිළිගැනීම හෝ නොපිළිගැනීම තවත් දෙයකි. එයත් තම තමන්ට ඇති පරම අයිතියකි.