IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


පාස්කු වාර්තාවෙන් දේශපාලනය කරන්න එපා

(නිමල කොඩිතුවක්කු)

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් දේශපාලනය නොකර වැරදිකරුවන්ට දඩුවම් ලබා දීමට වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා කොළඹදී පැවසීය. තම දේශපාලන හිතවතුන් ආරක්ෂා කිරීම වැඩපිළිවෙළින් බැහැරව පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩා විඳි ජනතාවට සාධාරණය ඉෂ්ට කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු  මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ අද(25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා මෙසේ ද කීය.

"පාස්කු ප්‍රහාරය පිළිබදව ජනාධිපති කොමිසම් වාර්තාව එලිදැක්වුවා. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ රජයේ ඉතාම අකැමැත්තෙන් බව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හැසිරීමෙන් අපි දැක්කා. එම වාර්තාව අධීක්ෂණයට ඇමතිවරු 6 දෙනෙක් පත් කරලා.
මේ වාර්තාවේ පිටු ගලවලා ඒවා  කුණු බක්කියට දාන්න සැලැස්මක් තිබුණා. කාදිනල් හිමිපාණන් ඇතුළු ආගමික නායකයින්ගේ බලපෑම නිසා එසේ කරන්න බැරි වුණා.

දැන් එම වාර්තාව ජනතාවට දැකගන්න ලැබිලා තියෙනවා. මෙම වාර්තාවේ  ඇගිල්ල දික් වුනු පුද්ගලයෝ අද නිහඩ වෙලා තියෙනවා. ඒ වගේම යම් බලවේග කාදිනල් හිමිපාණන්ට ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.

කාදිනල්හිමිපාණන් පැවසූ පරිදි ජාත්‍යන්තර විමර්ශනයක් සිදු කළොත් මේ පාස්කු ප්‍රහාරයේ මහ මොල කරුවන් හෙළි වෙනවට තමයි මේ බලවේග අද බය වෙලා තියෙන්නෙ.මෙම ප්‍රහාරයේ මහ මොලකරු කවුද, මේ තුලින් දේශපාලන වාසි ගත්තේ කවුද යන තොරතුරු විමර්ශන වී නැත්තේ ඇයි කියලා අපි අහනවා.මේ ප්‍රහාරයේ සියලු වැරදි සහරාන් පිට දාන්න හදනවා.  එහම නැතුව  මේ ගැන නිසි විමර්ශනයක් කළ යුතුයි.

මෙයට විදේශ දේශපාලන නායකයින් ගේ සම්බන්ධතා මොනවාද ඒ අයට මුදල් ලැබුණු ආකාරය  වහාහ හෙලි කළ යුතුයි.මේ වාර්තාවේ තිබෙන කරුණු යටගහන්න හදන්න එපා. සාමාන්‍ය පෙළ නැති නීතියක් දන්නේ නැති ඇමතිවරු මෙයට පත් කරලා වැඩක් නැහැ. කාදිනල් හිමිපාණන් පවා එම කමිටුව ප්‍රතික්ෂේප කරා.

මෙහි යම් කරුණු යට ගැහීමක් තිබෙනවා.  දේශපාලන හිතවත් කමට ඇතැම් අය බේරා ගන්න එපා කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. මේ පිළිබඳ සාධාරණයක් ඉටුවනකන් ප්‍රහාරයෙන් මිය ගිය පවුල් වල අය බලා සිටිනවා.කවුරු මෙය යටගහන්න හැදුවත් සත්‍ය ජනතාවට හෙලි වෙනවා. එය රටෙ නීතිය තුලින් ඉටු නොවුනොත් ජාත්‍යන්තරයට ගෙන යනවා.මේ තුලින් දේශපාලන වාසි ගන්න එපා  කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුවේ දින තුනක් මේ වාර්තාව පිළිබඳ  විවාද කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රහාරය වලක්වා නොගෙනීමට දඩුවම් දීම පමනක් නොවෙයි බලාපොරොත්තු වෙන්නේ. සහරාන්ගේ ලොක්කා කවුද ඔහු පෝෂණය කරේ කවුද දැනගැනීමත් කළ යුතුයි.



අදහස් (2)

පාස්කු වාර්තාවෙන් දේශපාලනය කරන්න එපා

Rata Perata Thursday, 25 February 2021 10:08 AM

පාස්කු වාර්තාවෙන් විතරක් නොවෙයි. නන්දසේන ඇතුළු පාස්කු ප්‍රහාරයෙනුත් දේශපාලනය කළා. පැය 24න් දඬුවම් කරනවා කිව්වේ, තව මාසෙකින් මාස 24ක් වෙනවා. මේවා හොඳයි බයියන්ටම...

:       0       0

මුණසිංහ Friday, 26 February 2021 02:28 AM

ජනතාව ප්‍රතික්ෂේප කරපු උදවිය මේ. ඒ කාලේ කරපු වැරදි මෙනෙහි කරන්න. මෙයාල මන්ත්‍රී කෙනෙක් හැටියට පළාතේ මුස්ලිම් ජනතාව නගා සිටුවන්න සෑහෙන්න උත්සාහ කළා. නීති විරෝධී විදියට. සිංහලයින්ව තලා පෙළමින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site