(නිමන්ති රණසිංහ)
පසුගිය දිනවල ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් සිදුවූ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරුන් තිදෙනකු ඇතුලු ජේලර්වරුන් 19 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුකර ඇතැයි බන්ධනගාර කොමසාරිස් ජනරාල් එච්. එච්. තුෂාර උපුල්දෙණීය මහතා පැවසීය.
බන්ධනාගාර පරිපාලන කටයුතු විධිමත් කර, ආයතනය යහපත් තත්ත්වයකට පත්කිරීමේ නව සැලසුම් අනුව මෙම මාරුවීම් සිදුකර තිබෙන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
මෙම ස්ථාන මාරුකිරීම් සඳහා ප්‍රධාන ජේලර්වරුන් හත් දෙනෙකු සහ පළමු පෙළ ජේලර්වරුන් 13 දෙනෙකු ඇතුළත්ව ඇත.
COMMENTS
මේ දූෂිත නිලධාරින් කොහේ ගියත් කරන්නේ ඔය ටිකම තමයි.
එකපාරක් කෑවා නම් කොහේගියත් ආයේ නැවත කරනවාමයි..
තුෂාර උපුල්දෙණිය මහත්තයෝ, ඔය ස්ථාන මාරු කරනකොට දැං හිටපු තැන හොඳට මතක තියාගන්න හොඳේ.. ඡන්දෙන් පස්සේ ආපහු හිටපු ස්ථානෙටම ගන්නත් එපැයි!
කූරු ගණන් කරන්න ඕනේ අය බඳින්න හරි යනවද?
ඇයි මේ අනාවරණය වූ තොරතුරුවලින් මීගමුව බන්ධනාගාර අධිකාරි සහ අදාළ ප්‍රධාන ජේලර්වරුන්ගේ වැඩතහනම් කරන්න බැරි. අපිට හරි පුදුමයි. ඇයි ඒ කට්ටිය පොහොට්ටුවට සම්බන්ධද?
ස්ථානය මාරු වුණාට මෙයාලගේ පුල්ලි නම් මාරු වෙන්නේ නෑ. ගෙදරම යැව්වා නම් ලෙඩ හොඳ කරන්න තිබුණා..
අප රජයේ හොඳ නරක එකසේ මැදිහත්ව විවේචනය කරන අය.. රජය කරනා හොඳද ඉහළින්ම පෙන්වා දීමට තරම් අප ගුණවත්.. සත්‍ය වශයෙන්ම, ජනපතිතුමා, මේ තුෂාර උපුල්දෙනිය මහතාව පත්කිරීමෙන් පසු බන්ධනාගාර හොර ගුහාවේ සැබෑ නිරුවත ජනතාවට රටට හෙලිවුණා.. ඒකට ජනපතිතුමාට රට, ජාතිය වෙනුවෙන් බොහෝමත්ම ස්තූතියි. එසේම, රටේ අනෙකුත් ප්‍රශ්ණ ගැනත්, නීතිය සැමට සාධාරණව යෙදවීමට ක්‍රියාකරන ලෙස කාරුණිකව ඉල්ලමු..
හිසේ ඇම්මට කොට්ට මාරු හරියන්නේ නැහැ හලෝ...
මාසෙන් මාසෙට මාරුවක් දෙන්න...