IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් උධෘත 8600ක්

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයෙෙන් තත්පර 69කදී ලබාගත් උධෘත 8600ක් නීතීපති දෙපාර්තමෙන්තුව ලබා ගෙන ඇතැයි ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද (04) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.

නීතීපති දෙපාර්තමේන්තුව එලෙස තම සේවාදායකයාගේ ජංගම දුරකතනයෙන් ලබාගෙන ඇත්තේ එහි තිබු කෙටි පණිවුඩ සහ එම ජංගම දුරකතනයෙන් ලබාගත් හා එයට ලැබුණු  දුරකතන ඇමතුම් පිළිබඳ විස්තර බවද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

 
ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම ඇමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සාක්කි විමසන විට ඔහුට අදාළ ජංගම දුරකතන විස්තර පිළිබඳ තොරතුරු අදාළ පාර්ශවකරුවන්ට ලබා දුන්නේ යැයි කීය.

ඒ අනුවම කටයුතු කරමින් මෙම කොමිසමේ සාක්කි දෙනු ලබන සාක්කිකරුවන්ට අදාළ ජංගම දුරකතන විස්තර පිළිබඳ තොරතුරු අදාළ අවස්ථාවලදී අදාළ පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන්නේ යැයි පැවසීය.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් කොමිසම මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

 



අදහස් (0)

අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් උධෘත 8600ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site