IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


ලිට්‍රෝ ගෑස් මිල 246කින් පහළට

(යොහාන් භාසුර)

 

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (8) පස්වරුවේ පැවසීය.

ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 99 කින් ද, ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 45 කින් ද, පහත දැමූ බවත් මුදිත පීරිස් මහතා කීය.

එම මිල පහත දැමීමත් සමග රුපියල් 4,910 ක්ව පැවැති ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 4,664 ක් බවට පත්වූ බව කී මුදිත පීරිස් මහතා රුපියල් 1,971 ක්ව තිබූ ලිට්‍රෝ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1872 ක් ද, රුපියල් 914 ක්ව පැවැති ලිට්‍රෝ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 869 ද, දක්වා පහත වැටෙන බව ද සඳහන් කළේය.

තමන් සභාපති ධූරයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ ‘ගෑස් මිල සූත්‍රය’ට අනුව මෙම මිල පහත දැමීම සිදුවූ බවත් ලෝක ගෑස් මිල අනුව සෑම මසකම 5 වැනිදා වන විට ඉදිරියේදී මිල සංශෝධනය ක්‍රියාත්මක කරන බවත් සභාපතිවරයා කීය. 



අදහස් (3)

ලිට්‍රෝ ගෑස් මිල 246කින් පහළට

K Perera Monday, 08 August 2022 05:45 PM

අපි JVP ආණ්ඩුවක් එනකම් අරගල නවත්වන්නෙ නැහැ. අද JVP ආණ්ඩුවක් තිබුණනම් අඩුතරමේ රුපියල් 1000 කින්වත් ගෑස් මිල පහලට දානව.

:       12       20

ලමය Tuesday, 09 August 2022 05:50 AM

රුපියල් 1700ට තිබුනු ගෑස් රුපියල් 4800ට වැඩි කරලා දැන් රුපියල් 246.00 අඩුකරනවා. කාවද මේ රවටන්නේ?

:       0       1

Demuni Uduwara Tuesday, 09 August 2022 06:41 AM

Please tell us us the buying price per MT for our education!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 61 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 897 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2523 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site