(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ පහක මන්ත්‍රීවරු අද (8) වර්ජනය කළහ.
විමල්-උදය ප්‍රමුඛ උත්තර සභාගය, ඩලස් ප්‍රමුඛ නිදහස ජනතා පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම උත්සවය වර්ජනය කළ සෙසු දේශපාලන පක්ෂ වේ.
සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය යන පක්ෂවල මන්ත්‍රීවරු උත්සවයට පැමිණ නොසිටියහ.
එහෙත් විමල්-උදය ප්‍රමුඛ උත්තර සභාගය, ඩලස් ප්‍රමුඛ නිදහස ජනතා පෙරමුණ පක්ෂවල මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභාගර්භයේ සිටියත් ජනාධිපතිවරයා සභා ගර්භයට පැමිණෙන අවස්ථාවේදී "රාජාසන වියරුව" යනුවෙන් සටන් පාඨ කියමින් ජනපතිගේ රාජාසන කතාවට විරෝධය පා සභාවෙන් පිටව යනු දැකගත හැකිවිය.
මේ අවස්ථාවේදී සභාවේ උණුසුම් තත්වයක්ද ඇතිවිය.
සෙසු අය සභාවෙන් පිටව ගියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක සහ ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න යන මන්ත්‍රීවරු පමණක් සභාගර්භයේ රැඳී සිටියහ.
සමගි ජන බලවේගය පක්ෂය සභාව වර්ජනය කළ ද එම පක්ෂය සමග සන්ධාන ගතව සිටින පක්ෂවල මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් ,වී රාධක්‍රිෂ්ණන්, එස් උදය කුමාර් යන මහත්වරුන් සභා ගැබේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුද පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූහ.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ 10.05 ට පමණය. ඔහු පැයකට ආසන්න කාලයක් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය.ප්‍රතිපත්ති ප්‍රකාශ ඉඳිරිපත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තුව හෙට (9) පෙරවරු 10.00 දක්වා
කල් තබනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් වර්ජනය කලා.. අද කියපු අදෝනාව වගෙම හතර වෙනිදා නටපු ජොගියත්. . .
අපිත් උගෙ කිසිම කතාවක් අහන්නෙ නෑ. ඕක අපේ ජනාදිපති නෙමෙයි එයාට චන්දෙ දීපු 134 ජනාදිපති
ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරපු සහ ජනවරමක් හෝ නැතුව මොන රාජාසන කතාවද?
කෝ බමුණා ආවේ නැද්ද ඇම්ඩාගේ කතාව අහන්න...?