( ජයන්ත සමරකෝන් )
ලිපි බෙදන මුවාවෙන් මත්කුඩු බෙදාහැර ඇති බවට අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින තැපැල් සේවකයා පෙරේදා (11 ) සිට අනිවාර්ය නිවාඩු යවා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව කියයි.
කෙසේ වෙතත් මෙවැනි සේවකයින් දෙපාර්තමේන්තුවට අවශ්‍ය නොවන බැවින් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග වලින් පසු ඔහුගේ සේවය අත්හිටුවා රැකියාවෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.
බොරැල්ලේ තැපැල්හලේ ලියුම් බෙදන්නකු ලෙස සේවය කළ මොහු ලිපි බෙනද අතරතුර කාලයක පටන් මත්කුඩු බෙදාහැර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද ඒ මහතා කීය.
මෙය දෙපාර්තමේන්තුවට සිදු කළ බරපතල කැලලක් බවද මෙවැනි සිද්ධියක් වාර්තාවූ ප්‍රථම අවස්ථාව මෙය බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීක්ෂණ බුද්දියෙන් යුතු රාජ්‍ය සේවකයෙක් ඔහුගේ උසස් බුද්දිය සලකා බැලිය යුතුය රජයේ සැපයුම් දෙපාර්තුමේන්තුවට පත් කලයුතුය
කොහොමත් වැලිකඩ නිවාඩු නිකේතනයේ ඉන්න නිසා තව අනිවාර්ය නිවාඩු අවශ්‍ය නැහැ.