සුජිත් හේවාජුලිගේ
ප්‍රවීණ මෝටර් රථ ධාවන ක්‍රීඩකයකු වන ඩිලන්ත මාලගමුව මහතා ඝාතනය කිරිමේ සැලැස්ම පිළිබඳව පෑලියගොඩ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මාලගමුව මහතාගෙන් පැයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර අද (15) ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
පෑලියගොඩ පොලිසියෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ඩිලන්ත මාලගමුව මහතා එම පොලිසිය හමුවේ පෙනී සිටියේය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වු මාලගමුව මහතා පැවසුවේ පොලිසිය ඝාතන සැලැස්ම පිළිබඳව තමාගෙන් දිර්ඝව ප්‍රශ්න කර තොරතුරු සටහන් කර ගත් බවයි.
මේ සිද්ධිය පිළිබඳව තමා දන්නා තොරතුරු සියල්ල පොලිස් නිලධාරියාට එහිදී පැවසු බව කී මාලගමුව මහතා මේ තොරතුරු පදනම් කරගෙන පරික්ෂණ දිගටම කරන බව පොලිසිය දැනුම් දුන්නේ යැයි ද සඳහන් කළේය.
තමා ඝාතන කිරිමේ සැලැස්ම පිළිබඳව ඉදිරියේ දී ජනාධිපතිවරයා ද හමුවී කරුණු ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බව මාලගමුව මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාලගමුව ඝාතන සැලැස්ම ගැන පොලිසිය ප්‍රශ්න කරයි
VizkiD Wednesday, 15 August 2018 10:10 AM
නිහතමානි ශ්‍රී ලාංකිකයන් ඔබ සමගයි !!!