IMG-LOGO

සිරිලිය සවියට දුන් ඩිෆෙන්ඩරය තාජුඩීන් ඝාතනයේ නඩු භාණ්ඩයක් කරයි

(නිමන්ති රණසිංහ)
 
 ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය   ”සිරිලිය සවිය” වැඩසටහනට ලබාදී තිබූ අංක WPKA 0642 දරන ඩිෆෙන්ඩර් රථය මියගිය රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඞීන් නැමැත්තාගේ ඝාතන සිද්ධියට අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් ඇතුළත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  රංග දිසානායක මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අවසර ලබා දුන්නේය.
 
එසේම, එම ඩිෆෙන්ඩර් රථය කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණ අංක තුන අධිකරණයේ විභාග වන අංක බී/849/13/12 නඩුවට අදාළව නඩු භාණ්ඩයක් ලෙස ලේඛන ගත කිරීමටද මහේස්ත‍්‍රාත්වරයා අධිකරණ ලේඛනාගාරයට නියෝග කළේය.
 
ඝාතනයට ලක්වූ මොහොමඞ් වසීම් තාජුඞීන්   පැහැරගෙන යාමට මෙම ඩිෆෙන්ඩර් රථය යොදා ගෙන ඇති බවට සාධාරණ සැකයක් පවතින බැවින් එම රථය අදාළ නඩුවේ නඩු භාණ්ඩයක් වශයෙන් නම් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
 



අදහස් (10)

සිරිලිය සවියට දුන් ඩිෆෙන්ඩරය තාජුඩීන් ඝාතනයේ නඩු භාණ්ඩයක් කරයි

rocky Wednesday, 03 October 2018 01:24 PM

සිරිලිය ලොක්කිව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි!

:       408       703

sam Wednesday, 03 October 2018 01:27 PM

තාජුදීන් නැගිට්ටෝ. ඡන්දෙ ලඟ එනවෝ...

:       723       606

sanjeewa Wednesday, 03 October 2018 02:33 PM

ඡන්දේ ළඟ එනවනේ...

:       270       314

Hafeel Wednesday, 03 October 2018 04:08 PM

සැකකරුවන් අත් අඩංගුවට ගන්න නැතුව, නඩු භාණ්ඩ පමණක් ප්‍රමාණවත්ද? ජනතාව මුලා කරන වැඩක්. දැන් අවුරුදු තුනහමාරටත් වැඩි.

:       4       235

rohana Wednesday, 03 October 2018 05:14 PM

සාක්කි තියෙනවා නම් අල්ලලා කුඩුවේ දාන්නේ නැතුව මොනවා කරනවද? මුළු ලංකාවම දන්නවා තාජුදින්ව මැරුවේ කවුද කියලා...

:       0       0

OMG Wednesday, 03 October 2018 07:02 PM

ගණන් ගන්න එපා. කොටස් වශයෙන් පලවෙන චිත්‍ර කතාවක්.

:       0       0

Sarasi Wednesday, 03 October 2018 08:03 PM

පුදුම නඩු තමයි මේවා. මිනීමැරුම් නඩු විසඳන්නේ මැරිච්ච කෙනාගේ සොහොනේ රූස්ස ගස් වැවුණාට පසුවයි. අතවරයකට ලක්වූ කාන්තාව ආච්චි කෙනෙක් වුණාට පසුව වන්දි ලැබෙනවා. නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ කිව්වේ නිකමටද?

:       0       0

Chanak Los angeles Wednesday, 03 October 2018 09:13 PM

තාජුදීන් මේවා ඔක්කොම බලාගෙන ඉන්නේ. ඔහු වෙලාවට පරිවේෂණීය සාක්ෂිය අරගෙන ඇවිල්ලා නියම මිනීමරුවාගේ බෙල්ලට අතතබයි..

:       0       0

ලුම්බිණි Thursday, 04 October 2018 01:10 AM

මේ නඩු භාණ්ඩය වැඩකට නැතුව දිරලා යනවා නඩුව අහන්නත් ඉස්සර වෙලා.

:       0       0

Niranjan Thursday, 04 October 2018 03:53 AM

ඩිෆෙන්ඩරය දිරාපත් වෙනකන් නඩුව අවසන් වෙන එකක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 317 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 799 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 145 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site