(බිඟුන් මේනක ගමගේ )
මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනා ගැන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරන්නේ යැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ‘ලංකාදීප’ යට අද(1) පැවැසීය.
මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය හා තවත් කරුණු රැසක් ගැන කොමිසම කළ මැදිහත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යට කර ඇති ප්‍රකාශ බරපතල යැයි ද ආශු මාරසිංහ මහතා කීවේය.
මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් බැවින් මෙම චෝදනා ගැන පියවරක් ගතයුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් යැයි ද එය ඉතා සංවේදී විෂයක් යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා අවධාරණය කර කීය.
ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවටත් ඒ වෙනුවට තමන් ගැන ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට දැනුම් දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ජීවිතය අනතුරේ හෙලූ බවටත් බී.බී.සී සිංහල සේවයට හා ඬේලි මිරර් පුවත්පතට මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඊට අමතරව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශන ක්‍රියාවලියේ ඇතැම් කාරණා ගැන ද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කොමිසම ගැන විවේචනයක් ඇතැයි මාරසිංහ මහතා කීය.
මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ වාර්තා රහස්‍ය නොවන්නේ නම් ඒවා ඩිජිටල් දත්ත හැටියට ලබා දිය හැකි යැයි ද එමගින් රජයට මුදල් ඉතිරි කරගත හැකි යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
කලකදී රහලු ,කලකදී වහ වෙනවලු..
ඔය ඊනියා කොමිෂන් ගෙනාවේ කවුද? අපි නෙවෙයි, යහපාලනේ, ඉතින් නාහෙන් අඬන්නේ ඇයි? පැරදුණාම දාහක් කාරණා කියනවා. ඔය ඊනියා කොමිෂන් කියන්නේ සතපහක වැඩක් නැති පැන්ෂන් ගිය පප්පලාගේ කාලේ ගෙවන්න හදාපු මහලු මඩම්... ඕවා වහලා දාන්න ඕනෑ.
මනුස්සයෝ..., ගෝඨාභය ලංකාවේ... සිංහල, මනුස්සයෙක් කියලා නොපිළිගන්නා තරම් දේශපාලන කුහකයෙක් වෙන්න එපා. ඒ මනුස්සයට කොටි බෝම්බ ගැහුවේ ඇමෙරිකාව වෙනුවෙන් යුද්ධ කරන්න ගිහින් නෙවේ. තමුන්ට ඡන්දෙ අඩුවෙන්නේ මේ වගේ මනස්ගාත හින්දයි. පොළවේ පයගහලා ඉවරවෙලා, කුහකකම් අතහැරලා, දේශපාලනේට එන්න !
ගෝඨාභය ගැන හොයන්න ඉස්සෙල්ලා ක්ලාස් එකක්වත් නැතිව මහාචාර්ය වුණු ඔබ ගැන මිනිස්සු හොයන එක ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ...? දැන් ලෝකේ දියුණුයි. හැම එකක්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්...
එජාපය පරාද වුණු හේතුව තාම හඳනාගෙන නැහැ. ඔය ක්‍රියා කලාපය වෙනස් කරනකම් ගොඩ එනවා බොරු. ජනතාවගේ සිතුම්-පැතුම් හඳුනාගෙන නැහැ. ඕන නැති දේවල් ඇදගෙන දඟලනවා. ඔහොම ගියොත් ඊළඟ ඡන්දෙදීත් බඩුම තමයි. ඔය හූල් ගැන ඔයාලට වඩා ජනතාව අවධියෙන්...
කව්ද කියලා ජනතාව දන්නවා...
ප්‍රශ්නයක් තිබේ නම් යා යුත්තේ උසාවියට නොවේද? ඡන්දයට පෙර මෙන්ම දැනුත් ඔබ පක්ෂයේ නායකයින්ට ආත්ම ශක්තියක් නැති බව පෙනී යයි. අතන මෙතන මේ කියන්නේ වල්පල්. කලින් බළල්ලු ලවා කොස්ඇට බාවන්න බැලුවා. කෙලින් වැඩ නැහැ. මොකද කිල්ලෝටයේ හුණු... පණ බයයි.
මොකෝ හොර කළේ.. නැතිනම් සජිත් මහත්තයා 2/3 ගන්නවා.
හූල් යනු එල්.ටී.ටී. බලල් අතක් බව මහාචාර්‍ය වරුන්ට නොපෙනුනාට සාමාන්‍ය ජනතාවට හොඳට තේරෙනවා පේනවා. දැන් මහාචාර්‍ය කම් විශ්වවිදයාල වල හිතවත් කම්වලටයි ලැබෙන්නේ. බහුතරයක් මහාචාර්‍ය වරුන් එක්ක කථා කරන්නත් ලැජ්ජයි. ඒ තරමට කරන්නේ හූල් වගේ අනුන්ගේ කොන්ත්‍රාත්. සමාජ දැනුමක් නෑ. මහාචාර්‍යවරු කියන්නේ හොරු ජාතියක් කියලා දැන් මිනිස්සු හිතන කාලය ඇවිල්ලා. හූල්ට තියෙන්නේ තමන්ගේ රාජකාරිය හරියට කරන එකයි. අදාල නැති වැඩ කරන්න ඕනෑ නම් එ්ක කරන්න පුළුවන් එළියට ගිහිල්ලා. මේක අනෙකුත් රාජකාරී කරන අයට හොඳ ආදර්ශයක් නොවේ. පරිගණක පද්ධතිවල ඔය කියනවා වගේ තත්වයන් ඇතිවන බව කියනවා නම් ඒක නවත්වන්න එයාට තිබුණා මීට සැහෙන කාලයකට පෙර. මොකද කොමිසමේ අනුදැනුම ඇතිවයි ඒක වුනේ. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතිවූ නොහැකියාව නිසයි. වෙනත් කණ්ඩායමකට දීලා තියෙන්නේ. නමුත් මේ සේරටම මුල අයි.ටී නොදන්න ලොකු තැන් කිහිපයක් නිසා බව ඔය කොමිසමේ හුල් ළමයා හොඳින් දන්නවා. ඒ නිසා හූල් ළමයා ඇත්ත කථා නොකර එල්ටීටී එකේ අවශ්‍යතාවට කථා කරනවා.