(නිමන්ති රණසිංහ)
බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රියේ රියදුරු ලෙස කටයුතු කළ නවිඳු ඔමේෂ් රත්නායක මාර්තු 11 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා නියෝග කළේය.
ඩිෆෙන්ඩර් රියේ රියදුරුට මිනීමැරීමට තැත් කිරීම යන චෝදනාව ද ඉදිරිපත් කර තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එක් සැකකරුවකුට ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් බැගින් වන පරිදි මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
එලෙස ඇප නියම වූයේ විසිත ශ්‍රී විජේසේකර, රන්සික බණ්ඩාර අලුත්ගමගේ, සේසිත රන්දීප ගුණදාස, වින්ද්‍යා විශ්වභාෂිනී වීරසිංහ, දුමින්ද සුදම්මික ආටිගල, කිරන් මැතිව්ද නීෂ්, දුලංජන චාමර දාබරේ යන සැකකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයකින්ම නේද කාටද බදු හොරෙකුට වැරදිලා ඇප ලැබුනේ...?
එහෙනම් වාහනය පදවා අනතුර සිදුකර ඇත්තේ එස්.පී ගේ පුතාද...? තුවාලකරුට ප්‍රමෝෂන් එකක් රෙකමදාරු වේවි වැඩේ ගොඩින් ශේප්.
රන්සික බණ්ඩාර අලුත්ගමගේ නම් ප්‍රධානියා ඔය ඉන්නේ දෙවැනි ඡායාරූපයේ... අනේ මගේ රත්තරන්...
දුප්පත් අහිංසක මිනිහෙක් හැප්පුණානම් මොවුන් කවුරුවත් උසාවියට ගෙන්නන්න බැරි වෙයි. හැප්පිච්ච මිනිහා තමයි අමාරුවේ...
වාහන අනතුරක් සිදුකොට පලායන චුදිතයන්ට ඇප දෙන උසාවිය මොකක්ද ?
දැන් ඉතින් හැමෝම බලන්නේ නීතියෙන් බේරෙන්නනේ. ඕක තමයි ලංකාවේ හැටි. සේරම ජරා වැඩ කරලා නීතියෙනුත් බේරෙන්න පුළුවන්කම ලංකාවේ තියෙනවා.
මෙම නඩුව අංක 7 රථවාහන උසාවියෙ ගත්තේ නැත්තේ මොකොද ?