
(ඩයනා උදයංගනී)
වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහ කුඩු බහුතරයකට පාන් පිටි , සහල් පිටි සහ වර්ණක ආදිය මිශ්‍ර කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සිදුකළ පරීක්‍ෂාවක දී හෙළි වී තිබේ.
වෙළඳපොළෙහි ඇති කහ කුඩු බහුතරයකම සියයට 50 ත් ඊට වැඩි ප්‍රමාණවලිනුත් පිටි වර්ග හා වර්ණක මෙන්ම රසකාරකද අන්තර්ගත බව එම පරීක්‍ෂාවේ දී හෙළි විණියැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බස්නාහිර පළාත් සහකාර අධ්‍යක්‍ෂ ඒ.ඒ ජාසූර් මහතා ලංකාදීපයට පැවසීය.
දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකින්ම අලෙවියට ඇති කහ කුඩු සාම්පල් ලබාගෙන කළ පරීක්‍ෂාවක දී මේ බව හෙළිවිණි යැයි ද සහකාර අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.
ප්‍රමිතියෙන් අඩු කහ කුඩු අලෙවි කෙරෙන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති පැමිණිලි අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම අලෙවියට ඇති කහ කුඩු සාම්පල ලබාගෙන පරීක්‍ෂා කර බැලූ බව ද ඔහු කීවේය.
එම කහ සාම්පල රජයේ රස පරීක්‍ෂකවරයාට ද යොමු කර පරීක්‍ෂා කර බැලූ බව කී ජසූර් මහතා පරීක්‍ෂා කළ සෑම කහ සාම්පලයකට සියයට 50ක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පිටි හා වෙනත් ද්‍රව්‍ය අන්තර්ගතව තිබූ බව ප්‍රකාශ කළේය.
එම කහ කුඩු අලෙවි කළ පුද්ගලයින් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පියවර ගෙන ඇති බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම කහ කිලෝවකට පනවා ඇති රුපියල් 750ක උපරිම සිල්ලර මිල ඉක්මවා කහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ද පරීක්ෂණ ක්‍රියාත්මක බව ජසූර් මහතා කීවේය.
කහ කුඩු කිලෝව රුපියල් 4000, 6000 වැනි ඉහළ මිල ගණන්වලට විකුණන අය සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.
වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර කහ අලෙවි කරන්නන් සම්බන්ධයෙන් තොරතුරු වේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 1977 යන දුරකතන අංකයෙන් ඒ ගැන දැනුම් දෙන්නැයි පාරිභෝගිකයින්ට දැනුම් දෙන බව ද ඔහු කීවේය..
2025 දෙසැම්බර් මස 30
68
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
725
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වෙළඳපලේ අලෙවිවන කහ කුඩුවල පාන්පිටි - වර්ණක
Bamunuarachchi. Tuesday, 18 August 2020 10:34 AM
අහන්න දෙයක්ද? මිනිසුන්ගේ කෑමට අත්‍යාවශ්‍ය දෙයක් ගෙන්වීම තහනම් කළාම මෙහෙම දේවල් සිදුවෙනවා. රටේ කහ අස්වැන්න ලැබුණායින් පසුවයි ගෙන්වීම තහනම් කරන්න තිබුණේ. ඒ ඒ බෝගවලට සරිලන ප්‍රදේශ සොයාගෙන එකවර අක්කර සිය ගාණක එම බෝගයම වගාකළ යුතුයි. අය කෘෂිකර්ම නිලධාරන්ගේ අධීක්ෂකයන්ගේ සිදුවිය යුතුයි. වගාවලට ආධාර දෙන්නේ නම් ගොවියාට හිතෙන හිතෙන දේ වගා කිරීම ඉඩ නොදිය යුතුයි.