IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රිය වෘත්තිය සමිති ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

බිඟුන් මේනක ගමගේ 
 
රටත් රටේ ජාතික සම්පතුත් ගැන අවංක හැඟීමක් ඇති නම් දුම්රිය බලධාරීන්, ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් සම්බන්ධ කරගත් කඩිනම් සාකච්ඡාවක් තමන්ට ලබාදෙන්නැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ලිපියක් යොමු කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටී.

 
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත්කොට එය විනාශ කිරීමට සිදුවන කුමන්ත්‍රණය ගැන කරුණු හෙළිකිරීමේ කිරීමේ අරමුණෙන් අවස්ථා ගණනාවකදීම තම වෘත්තිය සමිති ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවකට අවස්ථාවක් ඉල්ලා සිටිය ද එය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර නැති බවට ඔවුහු එමගින් චෝදනා කරති.
 
එයින් පෙනී යන්නේ දුම්රිය බලධාරීන් හා අනිකුත් දේශපාලන නායකයින් මෙන්ම ජනාධිපතිවරයා ද රට පිළිබඳව හෝ ජාතික සම්පත් පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොකරන බව යැයි චෝදනා කරන දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ඇතැම් දුම්රිය බලධාරීන් හා ආණ්ඩුවේ දේශපාලන නායකයින් දුම්රිය දෙපාර්තමේන්තුව ජාවාරම් කාරයින්ගේ තිප්පොලක් බවට පත්කර ඇතැයි පවසති.
 
විශේෂ සුඛෝපභෝගී දුම්රිය ධාවනයේ යෙදවීම වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් මිලියන ගණනක් පැහැර හැර ඇති පිරිස්වලට දුම්රිය ආඥා පනතට පටහැනිව සමාගම් ලියාපදිංචි කර ජාවාරම් තවදුරටත් විධිමත් පරිදි කරගෙන යාමට ඉඩප්‍රස්ථා විවර කර දී ඇතැයි ද එහි සඳහන් වේ. 
 
ආදායම් ලැබිය හැකි මාර්ග පෞද්ගලික අංශයට පවරා දී ඇති තත්ත්වයක පවා දුම්රිය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ආදායම් රුපියල් බිලියන 13 ක් යැයි ද වසර10 කට වැඩි කාලයකින් දුම්රිය ගාස්තු වැඩිකර නැති තත්වයක් තුල වූවද මුළු වියදමින් 45% ක පමණ ප්‍රමාණයක් ආවරණය කර ගැනීමට තරම් ආදායමක් දුම්රිය දෙපාර්තමේන්තුව උපයන්නේ යැයි ද එම සන්ධානය කියයි.
 
වාර්ෂික වියදම ඉක්මවා ආදායමක් ලැබීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙක් අවධානය යොමු නොකිරීම කනගාටුවට කරුණකැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 
 
මේ අතර දුම්රිය වෘත්තිය සමිති අටක් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක වැඩ වර්ජනයක් දියත් කිරීමට නියමිතය.



අදහස් (0)

දුම්රිය වෘත්තිය සමිති ජනපතිගෙන් සාකච්ඡාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site