IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුත්තලම සමෘද්ධි නිලධරයෝ සේවයෙන් ඉවත් වෙති

( එච්. චන්දන )

පුත්තලම දිස්ත්‍රික්කයේ සේවය කරන සියළුම සමෘද්ධි නිලධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇත.

පුත්තලම දිස්ත්‍රික් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ලේකම් තුෂාර ලෝව් මහතා මේ බව සදහන් කළේය.

පසුගිය 22 වැනිදා සිට මේ වන විට ස්ථාන 04 කදී සමෘද්ධි නිලධාරීන්ට පහර දීම් සිදුවී ඇත.

ආණමඩුව - මහකුඹුක්කඩවල ප්‍රදේශයේ දී සමෘද්ධි නිලධාරීන් දෙදෙනෙකුටද,මාදම්පේ - කුඩාබිංගිරිය ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරීණියකටද, දංකොටුව - කොස්වත්ත ප්‍රදේශයේදී සමෘද්ධි නිලධාරියකුටද පහර දීම් සිදු කර ඇත.

මෙම පරහ දීමේ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ ඒ ප්‍රදේශ වල පොලීසිය වලට පැමිණිළි කිරීමටද සමෘද්ධි නිලධාරීන් කටයුතු කර ඇත.

මේ අතර,හලාවත - වෙරළබඩ කලාපයේ සමෘද්ධි නිලධාරීණිය රුපියල් 5000 ක් වෙනුවට රුපියල් 3000 ක මුදලක් ජනතාව අතර බෙදා දෙන බවට වූ අසත්‍ය ප්‍රචාරයක් එම ප්‍රදේශයේ අයෙකු විසින් සමජ ජලා මාධ්‍යයක පළ කර ඇත.

ඒ සම්බන්ධයෙන් පැමිණිළි ලැබීමෙන් අනතුරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය කටයුතු කර ඇත.



අදහස් (5)

පුත්තලම සමෘද්ධි නිලධරයෝ සේවයෙන් ඉවත් වෙති

ranil Saturday, 25 April 2020 06:10 AM

ඕක පුත්තලම, බේරුවල වාගේ කලහකාරී ප්‍රදේශ වලට ඇඳිරිනීති කාලය තුළ ලබාදීම වහා අත්හිටුවන්න.

:       84       50

Always breakdown Saturday, 25 April 2020 09:55 AM

ඔලුව අවුල්ද?

:       1       29

BamunuarachchiSaturday, 25 April 2020 04:34 PM

එහෙම ගතියක් මුලසිටම දැක්ක.

:       2       0

WCA Saturday, 25 April 2020 06:32 AM

ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරව ඔහුව අත්අඩංගුවට ගැනීමට හලාවත පොලීසිය කටයුතු කර ඇත." තව මොනවද කරන්න කියන්නේ ?

:       5       110

රවින් Saturday, 25 April 2020 06:39 AM

කොයි වැඩෙත් දේශපාලනියකරණය නොකර ග්‍රාම සේවක මහත්ම මහත්මීන් ලවා කෙරෙව්වානම් අපිට "කොරෝනා සරණං ගච්චාමි" කියන්න වෙන එකක් නැහැ.

:       0       155

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site