මනෝප්‍රිය ගුණසේකර
ශ්‍රී ලංකාවට හෙරොයින් ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනකුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු නඩවුක් විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම නඩුවෙන් විත්තිකරුවන් පස් දෙනා නිදොස් කොට නිදහස් කරන ලදී.
හෙරොයින් ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරිම යටතේ පවරා තිබු නඩුවේ පැමිණිල්ලේ සාක්කි එකිනෙක පරස්පර බව සඳහන් කරමින් විත්තිකරුවන් 5 දෙනා නිදොස් කොට නිදහස් කිරිමට විනිසුරවරයා තීරණය කළේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි හොරෙන් ගෙනත් දමලා වෙන්නැති අහිංසකයෝ අල්ලගන්න. පරස්පර නැති සාක්ෂි තියෙන්නත් ඕනිනේ නේද?
ජයවේවා...! හැබයි හාමුදුරුවරු එහෙම නිදහස් කරනවා එහෙම නෙවෙයි ඔන්න....
ධනය බලය ඉදිරියේ නිතීය නැවෙන්නේ මෙහෙම තමා. ලොකු ලොකු හොරු අපරාධකාරයෝ මහජන දේපල හොරා කාපු උන් ලොකු ලොකු නීතිඥයෝ අල්ලලා, පොලිසියට පාගා දීලා. සාක්කිකාරයෝ අතුරුදහන් කරලා බේරෙනවා. හිරේ ගියත් ජෙලර්ලට පගාව දීලා ඇතුලේ ඉඳන් රජසැප විඳිනවා. පොල් ගෙඩියක් කෙසෙල් කැනක් හොරකම් කරලා අහුවුනොත් අනිවාර්යයෙන් මාස හයක්වත් හිරේ. දඩ මුදල ගෙවා ගන්න බැරි වුනොත් තවත් මාස හයක්. අනුර කුමාර සහෝදරයා කියනවා වගේ වැලිකඩ ගේට්ටුව ලග සිරකාරයෝ බලන්න පෝලිමේ ඉන්නේ බහුතරයක් දුප්පත් අසරණ දෙමාපියෝ, අඹුදරුවෝ.
මිලියනේ ප්‍රශ්නය - පරිමාණ ජාවාරම්කරුවකු ළඟ හෙරොයින් ග්‍රෑම් 8.3 තිබුණානම් සුළු පරිමාණ ජාවාරම්කරුවකු ළඟ හෙරොයින් ග්‍රෑම් කියක් තුබුණද ??
රටට පෙනෙන්න අල්ලනවා ඊට පස්සේ සාක්ෂි පරස්පර කර ගන්නවා. ඊට පසු සියලු දෙනාම ගොඩ.
හාමුදුරුවන්ට සිර දඩුවම් කුඩුකාරෙන්ට නිදහස මෙහෙමත් රටක්
අපේ උසාවිය කොතරම් සාධාරණද? යුක්තිසහගතද? පොලිසිය බොරු නඩු පටලවල අහිංසකයන් හිරේ යවනවා නේද? කොටස කියාද දන්නේ නැත
ඒ අයට ගිය රට. ඒ අයටම හරියන නීතියත් තේරුම් ගැනීමට අපහසු නම්, නඩුව කල් දමා මොවුන්ට අවුරුදු දෙකක්වත් හිර ගෙදර ඉන්න දෙන්න. ගින්නක් නැතිව දුමක් නගින්නේ නැහැ. පොරොන්දු වූ මුදල දුන්නේ නැහැ. ඇල්ලුවා ,උසාවියට යනකොට ඒ මුදල දෙගුණයකින් ගෙව්වා