IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඒකාබද්ධ විපක්‍ෂයේ සහාය ජනපතිට - බන්දුල

(රන්ජන් කස්තුරි සහ සුජිත් හේවාජුලිගේ)

බැඳුම්කර මගඩිය හෙළිදරව් වීම නිසා කෝපයට පත් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයාට නගන විවිධ අවලාදවලට එරෙහිව ජනාධිපතිවරයා සමඟ එකට සිට ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මහදවල් සිදුවූ බැඳුම්කර කොල්ලය රටට හෙළි වී අවසන් බව කී මන්ත‍්‍රීවරයා බැඳුම්කර මගඩිය යට ගැසීමට නොහැකි වූ තැන ප‍්‍රකෝපයට පත් එජාප මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයාට මඩ ගැසීමට, අවලාද නැගීමට පටන්ගෙන ඇති බව කීවේය.

එක එක්කෙනාගේ තර්ජන ගර්ජනවලට යට නොවී බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව කී මන්ත‍්‍රීවරයා මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂය ජනාධිපතිවරයාට සහාය දෙන බව සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පෙරේදා පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. බැඳුම්කර සිද්ධිය එජාපය හත්පොලේ ගාගෙන අවසන් බව ද මන්ත‍්‍රීවරයා කීවේය.

විධායක ජනාධිපතිවරයකුට එරෙහිව ප‍්‍රකාශ කරන ඇමැතිවරුන් එම ධුරවලින් ඉවත් කළ නොහැකි බව කී බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාට කසේරුකාවක් තිබේ නම් සුජීව සේනසිංහ ඇමැතිවරයා ඉවත් කළ හැකි බව පැවැසීය.



අදහස් (9)

ඒකාබද්ධ විපක්‍ෂයේ සහාය ජනපතිට - බන්දුල

nisar Monday, 27 November 2017 06:03 AM

මේක අහලා ඡන්ද දායකයාට අන්දුන් කුන්දුන් වෙලා ඇති...

:       647       680

අසෝක ජයතිලක මිලානෝ Monday, 27 November 2017 06:27 AM

දුමින්ද සිල්වා, තංගල්ලේ සභාපති, චොකා මල්ලි, දැරණියගල අත කොටා, සාරුවා, සුනිල්ලාට හොඳ කලක් යයි වගේ මට නම් පෙනෙන්නේ.

:       68       105

purawasiya Monday, 27 November 2017 06:30 AM

ජනාධිපතිතුමනි, ජනතාවට කැමැත්ත නං හිටපු හොරු සහ අලුත් හොරු සියලු දෙනාම හිරගෙට අැරිමයි. අපේ සහය ඔබතුමාටයි.

:       0       16

ජයරත්න Monday, 27 November 2017 06:33 AM

අන්තිමට බැඳුම්කරය නිසා වැටෙන්නේ ආණ්ඩුව නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂය. විධායක ජනාධිපතිට බැරි ගැහැණුන්ව පිරිමි කරන්නයි පිරිමින්ව ගැහැණු කරන්නයි විතරයි කියල ජේ.ආර්. කිව්වේ තුන් කල් බලලා.

:       40       32

wasantha Monday, 27 November 2017 06:34 AM

එ්කාබද්ධය හදන්නේ ඒ අයගේ දේවල් වහගන්ටයි. පරණ හොරුන්ට මෙන්ම අලුත් හොරුන්ටත් දඬුවම් ඕනා. ඒකාබද්ධයේ හොරුන්ගේ සහය එපා කියමු... ජනාදිපතිතුමනි... මේ අය ඡන්දයට බයවෙලා ඔබතුමා පස්සෙන් එනවා.

:       0       67

Gihan Monday, 27 November 2017 07:23 AM

නියමයි.

:       3       14

sahan Monday, 27 November 2017 08:59 AM

අනේ කාලේ වනේ වාසේ කිව්වලු

:       11       13

Ashan Monday, 27 November 2017 12:32 PM

මොවුන් තාමත් ඉන්නේ වහල් මානසිකත්වයේ. තම අදහස් නිදහසේ ප්‍රකාශ කළාම ඇමතිකමෙන් අස් කරන්න කියලයි මෙයා කියන්නේ. මෙහෙමත් ගැහැණු වගේ මිනිස්සු...

:       0       43

විමුක්ති Monday, 27 November 2017 01:57 PM

හැංගි හැංගි වෙස් බැන්දත් නටන්නෙ එලියේ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 135 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1074 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site