(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ප්‍රසන්න පත්මසිරි)
වේල්ල වීදියෙන් හමුවූ 30 හැවිරිදි කාන්තාවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් පරීක්ෂකවරයා (52) වස පානය කර සිය දිවි නසා ගෙන සිටියදී අද (3) බඩල්කුඹුර පහේ කණුව ප්‍රදේශයෙන් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔහු 52 හැවිරිදි බුත්තල පොලිස් ස්ථානයට අනුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකි.
විශේෂ පොලිස් කණ්ඩායම් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිවස වටලන අවස්ථාවේ දී නිවසින් පලාගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පසුව එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී කැලෑ ප්‍රදේශයේ තිබී ඔහුගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත. එම ස්ථානයේ තිබී වස කුප්පියක් ද පොලිසිය මඟින් සොයාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේවල් කරන්න පුළුවන් අය ලංකාවේ පොලීසියේ ඉන්නවා යැයි කියන එක සමහරවිට ලෝක වාර්තාවක් ද දන්නේ නැහැ... එහෙම වුණොත් කොයිතරම් දෙයක්ද නේද? මෙවැනි දේවල් හොඳ අත්දැකීම් නොමැතිව සිදුකළ නොහැකියි. භීෂණ කාල තුළදී හෝ යුදමය කාලවල මේ වැනිදේ හොඳට කරලා පුරුදු ඇති.. මේ තාජුදීන්ලා, එක්නැලිගොඩලා, රිචඩ් සොයිසලා වැනි අය ඝාතනය කළ අයද දන්නෙත් නැහැ. පොලිසිය ඇතුලේ මෙවැනි වැඩ කරපු හා කරන තවත් මෙවැනි අය ඉන්නවාද දන්නෙත් නැහැ. ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කිරීමට සිටිනා සමහර දෙනා දේශපාලකයින්ගේ සරණ ගොස්, හැම තක්කඩි වැඩක්ම කරනාවිට, රටේ මේ වැනි දේවල් සිදුවීම පුදුමයක් නම් නොවේ.
නීතිය රකින්න ඉන්න පොලීසියේ අය මෙහෙම නම්...!!!
එයත් පොලිසියේ කෙනෙක්ද?
ප්‍රේමතී ජායතී සෝකෝ. මීළඟ වතාවේ පෙම්වතුන් වීම නිසා මැරෙන්න අවශ්‍ය නැති රටක ඉපදේවා..!!!
තෙවෙනි සිල්පදය කැඩීමට යාමෙන් තමන්ම කැඳවා ගන්නා මෙලොවෙහිම විඳීමට සිදුවන ප්‍රතිවිපාක....
මේ ලියුම්කරුවන් ලෝකය ගැන කිසිම දෙයක් නොවන බවත්, වර්තමානයේ ආණ්ඩුවට පහර ගැසීමට මෙම සිද්ධිය යොදාගෙන ඇති බවත් වැටහේ... කණගාටුයි.
විනය, හික්මීම, ඉවසීම, සමබරව සිතීම වැනි උතුම් ගුණාංග නොමැති සමාජයක් මීට වඩා කුමක් බලාපොරොත්තු වන්නද..?
රටේ මිනිසුන්ගේ විනය හදන්න කියලා හමුදා පුහුණුවක් දෙන්න යෝජනා කරන සරත් වීරසේකර කියන ඇමතිටයි මේ... විනය කියන දේ මිනිසුන්ගේ බුද්ධි මට්ටමින් තීරණය කරන්නක් බවත් ඒ වගේම මොලයේත් හදවතෙත් නිර්නාල ග්‍රන්ථින්ගේත් අතර ඇතිවන අන්තර් ජීව රසායන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බවත් දැන්වත් හොඳින් මතක තබාගත යුතුයි. මේ ඔබගේ පොලිසියේ මොලේ අමාරුකාර පිස්සෙකුගේ තවත් වික්‍රමයක්...!!! ඔබ රටේ මිනිසුන් හදන්න කලින් ඔබේ පොලිසියේ ඉන්න කොඳු පණනැති අයට විනය කියා දෙන්න. අමතක කරන්න එපා ඔබ මේ රටේ දුප්පත් ජනතාව එකතුකරලා දෙන සල්ලි වලින් පඩි ගන්න "තාවකාලික" සේවකයෙක් පමණක් බව. මට හිතෙන විදිහට නම් ඔබ පොලිසිය පොලිෂ් කරන්න කලින් පොලිසිය ඔබව පොලිෂ් කරයි.
කෙසේවෙතත් දින 02ක් ඇතුළත සැකකරු හඳුනාගත හැකිවීම පොලිසියේ දක්ෂතාවයක්...
දහසකුත් ප්‍රශ්න ඇති ලංකාවේ තහනම් ගහේ ගෙඩි කන්න පුදුම රුචිකත්වයක්නේ තියෙන්නේ....
කණගාටුයි,...! කසාද බැඳපු අයට ඒ විදිහට ඉන්න දීලා පැත්තකට වෙලා හිටියා නම්, මේ වගේ දේවල් වෙන්නේ නැහැ නේද? හැබැයි කාටත් මේවා හොඳ පාඩම්...
අප මේ පිළිබඳව විමර්ශනාත්මකව විචාර බුද්ධියෙන් යුතුව බැලිය යුතු වේ. පසුගිය දශක ගණනාවක් තුළ මෙවැනි හා මීටත් වඩා භයානක සහ ඛේදජනක ඝාතන, අපරාධ දසදහස් ගණනින් සිදුවී තිබෙනවා. අද වැඩියෙන් වාර්තා වන්නේ ජනමාධ්‍ය, සමාජමාධ්‍ය පල කරන මෙවැනි පුවත්ය. මෙම සිද්ධියට ප්‍රචාරයක් දෙන්නේ ඝාතකයා පොලිස් නිලධාරියකු වූ නිසාද? මේ සිද්ධිය අපේ රටේ සමාජ, සංස්කෘතික සදාචාරාත්මක පරිහානිය කියා පාන්නකි. උදේ හවා බණ අහන, බණ කියන, ධර්ම දේශනාවලට කැපවුණු ටීවී චැනල් මොර දෙන නමුත් අපේ සමාජ පරිහානිය වැළැක්වීමට හැකි වී තිබේද?. දශක ගණනාවක් තිස්සේ අප රට පාලනය කරන පාර්ලිමේන්තුවේ, පළාත් සභාවල, නගර සභාවල වැඩිපුර සිටින්නේ වංචාකාරයින්, අපරාධ කාරයන්, කුඩු කාරයන්, ස්ත්‍රී දූෂකයන්, තැබෑරුම් කාරයන් ඇතුළු නිසි අධ්‍යාපනයක් නොලත් හුදු ආත්ම ලාභයම තකන පරිසරය වනසන, අපේ ජාතික උරුමයන් කාබාසිනියා කරන මෝඩයන් නොවේද? විනය, සාධාරණය අහිංසාව අවංක හාවය, කරුණාව, අනුකම්පාව ආදී ගුණාංග බලෙන් ඇති කළ නොහැක. ඒවා දරුවන්ට මාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් කුඩා අවදියේ සිටම පුරුදු පුහුණු කළ යුතුයි.
නමුත් අද දරුවන්ට පාසලට ඇතුළු වීම සඳහා බොරු කීමට උගැන්වීමෙන් වංචාවේ පළමු පියවර තබන්නේය. පහළ සිට උඩට නොව උඩ සිට පහළට ආදර්ශය ලබා දිය යුතුයි. ලංකාව තරම් සුන්දර, විනීත මිනිසුන් සිටින රටක් ලෝකයේ නොමැති බවට පිළිගත් යුගයක් කලකට ඉහත තිබුණි. නැවතත් එවැනි යුගයක් උදා කර අපේ දරු පරපුරට බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට හැකි රටක් ඇති කිරීම සඳහා පාලකයන් සහ වැඩිහිටියන් තුළින් ආකල්පමය වෙනසක් ජාති, ආගම්, වර්ග, කුලභේද නොතකා ජන සමාජය තුළ ඇති වනතුරු මෙවැනි සිද්ධීන් වැළැක්විය නොහැකිය.
අපි මෙතන පවතින සමාජ පරිහානිය ගැන මොනවා ලීවත්, මේ මිනීමැරුම සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක් කිසිවෙක් කර නැහැ. මට තියන ගැටලුව වන්නේ වස බෝතලයක් රැගෙන විත් වස බී ගසේ එල්ලුණාද? එහෙම නැත්නම් ගහේ එල්ලිලා වස බිව්වද කියන එකයි. අනික් කාරණය මේ පොලිස් නිලධාරියාගේ බිරිඳගේ ප්‍රකාශයක් පල නොවන්නේ? පොලිසිය මේ සරල කාරණා ගැන හිතුවාද?
දෙදෙනාම වැරදියි. ඒත් මියගිය අයට කිසිම දෙයක් නොඇසුණත්. අර ඉන්න දරුවන්ට, නෝනට, කොයිතරම් අපහාස විඳින්න වෙයිද?