IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානය දින නියමයක් නොමැතිව වසා දමයි

(ඉන්දික අරුණ කුමාර)

නාඋල ගොවිජනසේවා බල ප්‍රදේශයේ ගොවීන්ගේ එළවළු මිලදීගැනීම සදහා ඊයේ (11) ආරම්භ කල එළවළු මිලදීගැනිමේ කටයුතු අද (12) දින නියමයක් නොමැතිව නවතා දමා තිබේ.

කල්වේලා ඇතිව දැනුම් නොදිම නිසා බොහෝ ගොවින් උදෑසන කාලයේ දී අළුගොල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයට එලවළු රැගෙන විත් එවා යළි දඹුල්ල ප්‍රදේශයට රැගෙන ගිය බව ගොවිජන සේවා මධ්‍යස්ථානය අවට පංදිචි පිරිස් කියා සිටියහ.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පමණක් අක්කර දහස් ගනනක විවිධ එළවළු වර්ග රැසක් වගා කර තිබේ.

ඒවා අතරින් තක්කාලි, වැටකොළු, මාළුමිරිස්, ගෝවා සහ කරවිල අධික වශයෙන් වගාකර ඇති අතර ඒවා සදහා නිසි මිලදී ගැනීමේ ක්‍රමවේදයක් නොමැති කමින් බොහෝ ගොවීන් සිය අස්වැන්න අතහැර දැමු අවස්ථා පවා පවතින බව ගොවි සංවිධාන රැසක් කියා සිටියහ.



අදහස් (1)

අළුගොල්ල ගොවි ජනසේවා මධ්‍යස්ථානය දින නියමයක් නොමැතිව වසා දමයි

de silva Sunday, 12 April 2020 11:23 AM

ඔය ගොවිජන සේවා මධ්‍යස්ථාන බොහොමයක් විවෘත කරලා තිබුනත් නිකන් වහල තිබුනා වගේ. ගොවි ජනතාවට සැලකිය යුතු සේවයක් සිදු නොවේ. කරන්නේ ජනතාව බොරුවට රස්තියාදු කරනෙක. ඔය මධ්‍යස්ථාන වල ඉන්න නිලධාරීන් කන්ධරාව හරියට සේවය කරනවානම් සාරවත් පොළවක් තිබෙන මෝසම් දෙකකින් වැසි ලැබෙන සිව් දිසාවටම ගලා බසින ගංගා , වියලි කලාපයේ ලොකු කුඩා වැව් දහස් ගණනක් තිබෙන මේ රටේ අපට කර්කශ දේශගුණයක් තිබෙන පාකිස්තානයෙන් සහල් , අර්තාපල් , රටලුනු ගෙන්වන්න සිදු වේවිද ? ඔය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා ගොවියෝ ගොවිතැන අතහැර සිකුරිටි , ඉදිකිරීම් කම්කරු , ත්‍රිරෝධ පදවන්න,ලොතරැයි විකුණන්න සහ පිරිසිදු කිරීමේ කම්කරුවන් ලෙස විදේශ ගතවෙලා .

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site