(නිමන්ති රණසිංහ)
බ්‍රිතාන්‍යයේ ‘ලයිකා’ පදනම විසින් උතුරු නැගෙනහිර ජනතාවගේ සුබසාධනය සඳහා ලබාදෙන රුපියල් මිලියන 300ක මුදලක් සාපරාධි පරිහරණය කර විදේසයකට පලා ගොස් සිටින මෙරට රාජ්‍ය නොවන සංවිධානයක ගණකාධිවරයකු සහ ඔහුගේ බිරිද වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණීය මහතා අද (17) විවෘත වරෙන්තු නිකුත් කළේය.
ඒ අනුව, එම සැකකරුවන් සම්බන්ධයෙන් නිකුත් කළ වරෙන්තුවලට අදාළ රතු නිවේදන ජාත්‍යන්තර පොලීසියට යොමු කර අදාළ වරෙන්තු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසට මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් ද නිකුත් කළේය.
මෙලෙස වරෙන්තු නිකුත් වූයේ මෙරට පිහිටි ”ඤාණම් පදනම” නමැතී රාජ්‍ය නොවන සංවිධානයේ ගණකාධිකාරිවරයා වන බාලසිංහම් රාජශංකර් සහ ඔහුගේ බිරිඳ වන උමා රාජශංකර් යන අයවලුන්ටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිකා මොබයිල් සමාගම කොටින්ගේ... ඔවුන් ලංකාවට මුදල් එවන්නේ ඇයි කියලා හොයලා බලන්න...
කොහේහරි දේශපාලන රැකවරණ ඉල්ලලා ඇති.
ඕවා මොනවද ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්නවනේ ඔයිට වඩා හොරා කාලා තවම ජනතාව නොමග යවමින් බලේ වැජබිලා ඉන්න දේශපාලුවෝ.