(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 87 ප්‍රසිද්ධ කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද අහිමි විය හැකි නිසා ඒවා ලබාදීමට නොහැකි බව පාර්ලිමේන්තුවෙන් දැනුම් දී ඇතැයි කොළඹ අගරදගුරු පදවිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම වෙළුම් ලබාදෙන ලෙස ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබූ බවත්, එයට ප්‍රතිචාරයක් ලෙස ඒවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිහරණය සඳහා පමණක් පාර්ලිමේන්තු පුස්තකාලයේ තබා ඇති බවත් , එය පොදුජන පරිහරණය සඳහා සභාගත කර නොමැති බවත් දැනුම් දී ඇතැයි ද එහි සඳහන් වේ.
එමෙන්ම කාදිනල්තුමන් විසින් පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විරුද්ධව අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොණුකර ඇතැයි ද එහි දැක්වේ.
එම නිවේදනය මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බංකොළොත් වෙනකන් නොදන්න පාර්ලිමේන්තුව අනික් වැඩ ගැන මොන කතාද?
පාප්තුමාට කියලා බැලුවා නම්..., එතුමාට පුළුවන් වෙයි නියෝගයක් නිකුත් කරන්න...
ඡන්දෙ ගන්න මාකට් කරපුවා දැන් අමතක වෙලා. බොරු පොරොන්දු දීලා බලේ ගන්න ඇත්තේ රට බංකොළොත් කරන්නම වෙන්න ඇති.
මම නම් බෞද්ධයෙක්... හැබැයි මට නම් කියන්න තියෙන්නේ කොච්චර කැතද කියලා ලබාදීලා තියෙන පිළිතුර කියලා. අර ලේ මස් ගොඩවල් වෙලා මැරිලා ගිය මිනිස්සුන්ට වෙච්චි දේවල් රටේ මිනිස්සුන්ට හරියට දැනගන්න විදියක් නැහැ. ඒවා පුස්තකාලේ පුස් කන්න දාලා තියෙනවලු. මැරිච්ච අහිංසක මිනිස්සුන්ගේ වරප්‍රසාද නෙමෙයි ලොකු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ වරප්‍රසාදලු ලොකු. බලයට එන්න ඡන්දෙ ඉල්ලන කොට නම් කොහොමද කිව්වේ? අනේ වරප්‍රසාද. ඔය පාර්ලිමේන්තුවේ ඉන්නවද පුස්තකාලෙට ගිහින් ඕවා කියවන කෙනෙක්. ඒකෙන් මේකෙන් කරන්න හදන්නේ මොකක් හරි රහසක් හන්ගන් ඉන්න එකයි. හොඳයි හොඳයි බලමුකෝ රටේ ඉස්සරහට වෙන දේවල්...
මේ ගැන විපක්ෂ මන්ත්‍රීවරුන් කියන්නේ මොකක්ද? ඒ අයත් ඒ අයගේ වරප්‍රසාද ආරක්ෂා කිරීම සඳහා නිහඬව ඉන්නවාද, නැත්නම් ඒ අයට බැරිද, ඔය වෙළුම් කියවා එහි අදාල විස්තර අවශ්‍ය ලෙස රටට දැනුම් දෙන්න පුළුවන් නේද...?
බැරිම තැන පාප් වහන්සේටවත් ගිහින් කියයි. බෞද්ධ අපිට කියන්න කවුරුවත් නැහැ...
බෝම්බ ගහපු, ගස්සවපු අයට දඬුවම් ඉල්ලන්නේ නෑ. පොලිසියට දඬුවම් ඉල්ලනවා. දෙයියෝම බලාගන්න ඕනෑ මේවා...!
මෙයාට තිබුණු ගෞරවය කෙලෙසාගෙන ඉවරයි.. පසුගිය කාලේ ඇඟ හැමතැනම ගාගත්තා.. හෝදලාවත් අයින්කරගන්න බැරි විදිහටම...
හොරුන්ගේ පාරාදීසයක් වන පාර්ලිමේන්තුවේ හොරුන්ට මොන වරප්‍රසාද ද? වරප්‍රසාද කඩ වුනේ පාස්කු ප්‍රහාරයට ලක්වූ ජනතාවගේයි.
කවුරු ඇවිත් කිව්වත් මේ වෙලාවේ මොකුත්ම කරන්න බැහැ. පේන්නේ නැතිද වෙලා තියෙන දේ?
පාර්ලිමේන්තුවේ ඉන්නේ මහජන ඡන්දෙන් පත්වුණු මහජන නියෝජිතයින් පිරිසක්. ඔවුන් පත් කරලා තියෙන්නේ මහජනයාට සේවය කිරීමට මිසක් මහජනයා පාලනය කරන්න නෙවෙයි. ඉතින් ඔවුන්ට කොහෙන්ද මහජනයාට නැති වරප්‍රසාද අයිති වෙන්නේ...?