රංජිත් රාජපක්ෂ
කළු ගල් ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක් හදිසියේ කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් නාවලපිටිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.
එම මාර්ගයේ ග්‍රින්වුඩ් ගල්කොරිය ප්‍රදේශයේ සිට ගම්පොල දක්වා කළුගල් ප්‍රවහනය කරමින් තිබු ටිපර් රථයේ ඇක්සලය කඩා වැටීමෙන් එම කාර්මික දෝෂය හට ගෙන ඇති බව පොලිසිය කියයි.
කාර්මික දෝෂයට ලක් වු ටිපර් රථය මාර්ගයෙන් ඉවත් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාවලපිටිය-තලවාකැලේ ගමන මොකක්ද රටේ ගමනත් නැවතිලා තියෙද්දී.