IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මන්ත්‍රී ප්‍රේමලාල්ට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රේල් 24 ට කල්යයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ තීන්දුව දීමට ලබන අපේ‍්‍රල් 24 දින දක්වා නඩුව කල් තබන බව රත්නපුර පළාත් බද අභියාචනාධිකරණ විනිසුරු සහ රත්නපුර අංක 02 මහාධිකරණයේ වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග මහතා අද (18) විවෘත අධිකරණයේ දී දැනුම් දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්තේ පැවත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්‍ෂ රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් දෙදෙනකුට මරණීය තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටී.

පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ පසුගිය ජනවාරි 17 දින මෙම නඩුව කැදවූ අවස්ථාවේ එහි තීන්දුව ප‍්‍රකාශයට පත් කිරිම නඩුව විමසූ විනිසුරුවරයා පත්කරන ලෙස අගවිනිසුරුවරයාට දන්වා යවා නැවත කැඳවීම නියම කරනු ලැබීය. 

එහෙත් අද (18) වනවිට මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් අබේරත්න මහතා වෙනුවට රත්නපුර පළාත් බද අභියාචනාධිකරණ විනිසුරු සහ රත්නපුර අංක 02 මහාධිකරණයේ වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග මහතා රත්නපුර මහාධිකරණ අංක දෙකේ වැඩබලයි.

සබරගමු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රී අරුණ නිලන්ත ජයකොඩි, කහවත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මානික්ක වඩුගේ වජිර දර්ශන ද සිල්වා සහ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර යන මහත්වරු මෙම නඩුවේ විත්තිකරුවෝ වෙති.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගෙන මෙම නඩුවේ තීන්දුව දීම සම්බන්ධව පූර්වගාමී මහාධිකරණ විනිසුරුවරයාගේ නියෝගය අගවිනිසුරුවරයාට නැවත දන්වා යැවීමට කටයුතු කරන බවද වැඩබලන මහාධිකරණ විනිසුරු එස්.එම්.ඒ.එස්.පී. සේතුංග මහතා සඳහන් කළේය.

පළමු සහ දෙවන විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ හර්ෂණ විජේනායක මහතා පෙනී සිටියේය. තුන්වන විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා සමගනීතීඥ තුෂාරී සූරියාරච්චි මහත්මිය පෙනී සිටියාය.

එහිදී වැඩිදුර විභාගය අප්‍රෙල් 24 දින දක්වා කල් තැබිණි.



අදහස් (2)

මන්ත්‍රී ප්‍රේමලාල්ට එරෙහි නඩුවේ තීන්දුව අප්‍රේල් 24 ට කල්යයි

Mahee Tuesday, 18 February 2020 10:40 AM

මැතිවරණය කවද්ද කියලා මතකත් නෑ.

:       0       1

Saman Tuesday, 18 February 2020 11:45 AM

ජනතා බදු මුදලින් අපරාධකරුවන්ට තවදුරටත් යැපෙන්න දෙමුද ?

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site