IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වැස්සෙන් අවතැන්වූන්ට කඩිනමින් සහන සලසන්න ජනපති උපදෙස්

(විනීතා එම් ගමගේ)


අධික වැසි සහ ගංවතුරෙන් විපතට පත්වූ මුලතිව්, කිලිනොච්චි සහ මන්නාරම  දිස්ත‍්‍රික්කවල ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් මුදාහරින ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී ඇත.


ගංවතුර තර්ජනය පහව යනතෙක් තර්ජිත ප‍්‍රදේශ වල වැසියන් සියලූ දෙනා වෙත අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.


 ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන කඩිනමින් දිස්ත‍්‍රික් ලේකම්වරුන් වෙත මුදාහරින ලෙසත් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු  අදාළ අංශවලට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා, දිස්ත‍්‍රික්ලේකම්වරුන්, යුද හමුදාපතිවරයා සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන එක්ව මෙම සහන වැඩසටහන් කඩිනමින් ක‍්‍රියාත්මක කරන ලෙසට ද වැඩිදුරටත් උපදෙස් දී ඇත.

 
උතුරු පළාතට බලපෑ තද වැසි හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම දිස්ත‍්‍රික්ක ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර, ඒ හේතුවෙන් පිටාර මට්ටම ඉක්මවා ගිය ඉරණමඩු ඇතුළු ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කිරීමට ද කටයුතු කර තිබේ. 


ගංවතුර තර්ජනය හේතුවෙන් කිලිනොච්චි, මුලතිව් සහ මන්නාරම් දිස්ත‍්‍රික්ක වල වැසියන් විපතට පත්ව පීඩා විදින අතර එම දිස්ත‍්‍රික්ක වල ක‍්‍රියාත්මක ආරක්ෂිත කඳවුරු 40ක් තුළ එම වැසියන්ට සහන සැලසීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.



අදහස් (2)

වැස්සෙන් අවතැන්වූන්ට කඩිනමින් සහන සලසන්න ජනපති උපදෙස්

sirimal Sunday, 23 December 2018 03:54 PM

ඒ සමඟම ආණ්ඩු මාරුවෙන් අවතැන්වී සිටින අයටත් කිසියම් සහනයක් ලබාදුන්නොත් නේද හොඳ?

:       0       0

Bamunuarachchi Sunday, 23 December 2018 04:04 PM

TNA එකෙන් අවසර ගත්තාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site