( ප්‍රියානි මංගලිකා )
කොබෙයිගනේ ,බමණුගම පදිංචි 50 වියැති කතකට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවත් ,සිද්ධියට සම්බන්ධ බවට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවක් කොබෙයිගනේ පොලීසිය පවසයි.
කාන්තාව නිවසේ තනිව සිට ඇති බවත් ,පහර දීම ඊයේ (21) රත්‍රී 8.30 ට පමණ සිදුව ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.,කාන්තාව නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
සිද්ධියට සම්බන්ධ බවට හෙට්ටිපොළ ප්‍රදේශයේ 38 වියැති සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ,ඔවුන් නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කරයි .



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.