IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වයිරසයෙන් මිය ගිය ගණන 25,000 ඉක්මවයි

ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව අද(27) රාත්‍රී 8.19 වන විට 25, 261ක් වී තිබේ.
 
වයිරසය ආසාදනය වු පුද්ගලයන් ගණන 558,298 දක්වා ඉහළ ගොස් ඇත.
 
ප්‍රතිකාර ලබා 128,717දෙනෙකු සුවය ලබා ඇත.
 



අදහස් (2)

වයිරසයෙන් මිය ගිය ගණන 25,000 ඉක්මවයි

anura Saturday, 28 March 2020 01:48 AM

ලෝක සෞඛ්‍ය සංවිධානය අද මේ ඇති වී ඇති භයානක තත්වයට සෘජුව වග කිව යුතුය. මුලින් මෙය ගෝලීය වසංගතයක් බව ප්‍රකාශ නොකර කල් මරමින් සිටියා. තවමත් එහි ලොක්කා කරන්නේ අර කලාපය අවධානම්, මේ කලාපය අවධානම් කියලා ප්‍රකාශ නිකුත් කරමින් සිටීම පමණි. ඒ බව ඔවුන්ගෙන් දැන ගන්නවාට වඩා හොඳින් මාධ්‍ය ආයතන මගින් කාටත් දැන ගැනීමට හැකිය. තවමත් ගෝලීය නායකයන් විඩියෝ තාක්ෂණය මගින් සමුළුවකට කැඳවා සමූහයක් ලෙස ගත යුතු ක්‍රියා මාර්ග හා පොදු තීරණ ගැන සාකච්ඡා කර නැහැ. මෙම රෝගයෙන් මිය ගිය අයගේ මෘත දේහයන් ආදාහනය කිරීම සමහර ආගම් අදහන අය විරුද්ධය. අතීතයේ එංගලන්තයේ මීයන්ගෙන් බෝවූ වසංගතයක් නිසා මිය ගිය අය භූමදාන කළ ප්‍රදේශ අදටත් තහනම් කලාප ලෙස නම් කර ඇත්තේ ඒවා නැවැත ඉස්මතු වීමේ අවධානමක් ඇති නිසාය. වෛරස් යනු ජීවී හා අජීවී ලක්ෂණ දෙකම සහිත දෙයකි. ඒවාට සුදුසු තත්වයක් එනතෙක් වසර ගණනක් සැඟව සිටිය හැක. මේ හේතුව නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මිය ගිය අය ආදාහනය කිරීමට තද තීරණයක් දුන්නේ නම් ‌මෙහිදී ඇතිවන මත භේද අඩු කරගත හැකිය.

:       0       5

chandana Saturday, 28 March 2020 04:01 AM

මිනිස්සු මේ වෙලාවේ අරයට බනිනවා මෙයාට බනිනවා රජයට බනිනවා සෞඛ්‍ය අංශ වලට බනිනවා... ඇත්තටම මේ වෙලාව හැම කෙනෙකුටම ඉතා අපහසු කරදකාරි වෙලාවක් ඒගැන නම් කිසිම විවාදයක් නැහැ තමයි . එත් අඩුම ගානේ තමන්ගේ ජීවිතේ ගැන හිතලා හරි තමන් උපරිම ආරක්ෂාකාරී විදිහට මේකට මුහුණ දුන්නොත් විතරක් රටක් විදිහට අපි හැම දෙනාටම රැකෙන්න පුළුවන් . සියලුදේ ට කලින් අපි ජීවත්වෙලා ඉන්න ඕනේ ඉතින් ජීවිතේ ගැටගහගන්න අත්‍යවශ්‍යම දේවල් ගැන විතරක් අවදානය යොමුකරලා මේ වසංගතයෙන් මිදෙන්න කටයුතු කලේ නැත්තන් අනිවාර්යෙන් ම අපි හැමදෙනාම ලොකු අමාරුවක වැටෙනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 135 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site