
(උපුල් හේරත්)
ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විදුලි ආලෝක පූජව විවෘත කිරීම සාමාන්‍ය ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. එය සුවිශේෂී සිද්ධියකි. එදා මෙදා තුර සාමාන්‍ය ජනතාවගේ මූලිකත්වයෙන් විදුලි ආලෝක පූජාව විවෘත නොකිරිණි.
මෙම අවස්ථාවට දෙස් විදෙස් බෞද්ධ පිරිස එක්ව සිටියහ. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර, තායිවාන තානාපති , බංග්ලාදේශයේ බෞද්ධ ජනතාව ,මෙන්ම , සිරස මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සුසාර දිනාල් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ .
ඓතිහාසිකව මිහින්තලා පරිශ්‍රයේ උඩ මළුවේ සිට කරඬුව පෙරහරකින් වඩම්මවාගෙන මැද මළුවේ සන්නිපාත ශාලාව ඉදිරිපිට මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිරුව ඉදිරිපිට තැන්පත් කර ,මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන් ලංකාවාසී ලෝකවාසී ජනතාවට ආශිර්වාද කළහ.


COMMENTS
විදේශිකයන්ගේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ අහිංසක බෞද්ධයන්ගේ සහභාගීත්වය වඩා හොඳය. සහ අප විසින් ඉතා අගය කරන ලදී.
මිහිඳු හිමියන් ලංකාවට බුදුදහම ගෙනා ස්ථානය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් දක්වා රැකගැනීම සියලු දේශපාලකයින්ගේ වගකීමක්. දේශපාලනයට කඩේ නොගිය නිසා මිහින්තලේ ගැන එතරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව පෙනී යනවා. කොයි දේශපාලකයත් දඟලන්නේ තමන්ගේ ඡන්ද පදනම ස්ථාවර කරගැනීම සඳහා යි. එසේ නැතිනම්, මිහින්තලේ ගැන මීට වඩා අවධානයක් යොමුකළ යුතුව තිබුණා. මේ රටේ ජනතාව තමන්ගේ දේශපාලන පක්ෂ කුමක් වුවත්, ආගමික නිදහස ඊට ඉහළින් තබාගත යුතුයි. නිදහස් උත්සව, යුද ජයග්‍රහණ සැමරීම්, දේශපාලනයට කඩේ යන පූජකයින් හා සම්බන්ධ උත්සව ආදියට ඕනෑතරම් පහසුකම් හා මුදල් තිබියදී මිහින්තලේට පමණක් සීමා පැනෙව්වා. බොහෝ මාධ්‍ය ඉවත බැලුවත් හාමුදුරුවන් වටා ඇති තරම් සැදැහැතියන් පෙළ ගැසුණා. වැඩේ ලස්සනට කෙරුණා.
මිහිඳු හිමි ආලෝක පූජාව කරන්න කිව්වද? හොඳමයි එහෙනම්..
හරිම පින්වන්තයි.