(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයට දින කිහිපයක් තිස්සේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමඟ නාවලපිටිය නගරයේ කොටසක් අදත් (13) ජලයෙන් යටවීමෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇතිවිය.
නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොළ දෙසට මීටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වී තිබිණි.
වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම හේතුවෙන් මෙසේ ප්‍රධාන මාර්ගය ජලයෙන් යට විය.
සුළු වර්ෂාවකදී පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යටවීමෙන් එම නගරයට පිවිසෙන පාරිභෝගික ජනතාව ගැටලු රැසකට මැදි විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයෑම..", මේ නගර සභාවේ ඉන්න සභිකයෝ ගැන නෙවෙයි.මේ වගේවත් පොඩි දෙයක් කරන්න උනන්දුවක් නැති පාලකයෝ පත් කරපු ජනතාව ගැනයි දුක.
ව්‍යාපෘති වලට එන අධාර වලින් වැඩි හරියක් යටි මඩි ගහන කොට මේ වගේ දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි.