(ටී.කේ.ජී.කපිල )
මාලයක් සහ අත් පළදනාවක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (20) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු 37 හැවිරිදි අකුරණ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි. මොහු ගුවන් මගින් භාණ්ඩ රැගෙන විත් අලෙවි කිරීමේ යෙදී සිටින්නෙකි .
මොහු අර්ධ වශයෙන් වැඩ නිම කළ මෙම මාලය සහ අත් පළදනාව පැළද ගෙන සිටි අතර එවැනි වැඩ නිම නොකළ ස්වර්ණාභරණ රට තුළට රැගෙන ඒම තහනම් කටයුත්තකි.
රුපියල් 16,42,745 ක් වටිනා මෙම මාලය සහ අත් පළදනාව , ග්‍රෑම් 252.73 ක බරකින් යුක්ත බව රේගුව ප්‍රකාශ කරයි.
මෙම ස්වර්ණාභරණ රාජසන්තක කළ අතර මොහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.