(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ පොලිසිවලින් 2022 වර්ෂයේදී පරීක්ෂාව සඳහා ඉදිරිපත් කෙරුණු මත්ද්‍රව්‍ය සැක සාම්පල 16,479 කින් 1034 ක ( සියයට 7ක) විස මත්ද්‍රව්‍ය බිඳක් හෝ ගෑවී නොමැති බවට තහවුරුවී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසුවේය.
මේ කාරණය ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
COMMENTS
මාරම රටක්... කවදා නීතියක් හරියට සිදුවේද? සෑම තැනකම ඇත්තේ හොරකම, වංචාව සහ කපටි ක්‍රියාවන්ය. දැඩි පාලනයක් අවශ්‍යම වී ඇත.
පොලිසිය බොරු නඩු දානවද? එහෙමත් නැතිනම් නඩුභාණ්ඩ ගබඩාවෙදී කුඩු වෙන දේවල් බවට පරිවර්තනය වෙනවද? පොලිසියට බොරු නඩු දාන්න කුඩු ටිකක් හොයාගන්න බැරිකමක් නැහැනේ..?
අපිත් දන්නව මේ ප්‍රශ්නය. මේක අද ඊයේ ඇතිවුණ තත්ත්වයක් නොවේ. මොහු අවුරුදු 35 ක් පමණ පෙරකදොරුවෙක් ලෙන වැඩ කර තිබෙනවා. මොහුත් මේක දන්නවා. අපිට අවශ්‍ය විසඳුම මිසක් ප්‍රශ්න නොවේ. මේකට ඔබගේ විසඳුම කුමක්ද? ඔබ ඒක ක්‍රියාත්මක කරන්න පටන්ගත්තද?
පොලිසිය බොරු නඩු දමනකොට පෝසත් වෙන්නේ මේ වගේ පෙරකදෝරුවෝ...