( ඉන්දිකා රාමනායක)
මිද්දෙණිය දඹේතලාව ප්‍රදේශයේ අද (3) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් (36) හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇති බව මිද්දෙණිය පොලිසිය කියයි.
මෙම පුද්ගයා ප්‍රදේශයේ අවමගුල් උත්සවයකට සහභාගි වී පස්වරු 1.10 ට පමණ කාරියමඩිත්ත පිහිටි නිවස බලා යන අතරේ මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරුව ඇත.
වෙඩි වැදුණ පුද්ගලයා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
COMMENTS
අසාමාන්‍ය විදියට වෙඩි තැබීම් මිනීමැරුම් , මල සිරුරු හමුවීම් වැඩි වීමක් මේ දවස් වල දකින්න තිබෙනවා, මත්ද්‍රව්‍ය අල්ලා ගැනීමත් වැඩි වී තිබෙනවා, අපට සිතන්නේම මත්ද්‍රව්‍ය වෙළඳාමේ වැඩි බලය හිමි කරගන්න යුද්ධයක් ඇරඹිලා වගෙයි කියලයි.. ආණ්ඩු පෙරලීමත් සමගම යටපත් වෙලා සිටි යම් පිරිසක් බලවත් වී ඇතිද කියලත් හිතෙනවා.
ලංකාවේ තුවක්කු පරිහරණය ත්‍රිවිධ හමුදාවටයි පොලිසියටයි පමණක් සිමා කරන්න ඕනේ.
ඉලෙක්ෂන් වැඩ නැකතටම පටන් අරන් වගේ.