පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දුරකතන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීම පිළිබඳව සිය සතුට පළකර ඇත.
පාකිස්තානයේ සංචාරය කරන ලෙස පාකිස්තාන අගමැතිවරයා නව ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ආරාධනාවක්ද කර තිබේ.
COMMENTS
ඔබ විශේෂයෙන්ම පකිස්තාන් අගමැති හමු වී යුද්ද කාලේ කල උපකාරවලට ස්තූති කරන්න.
පකිස්තානයේ උදව් නොලැබෙන්න එදා කොටි යාපනය යටත් කරගන්නවා.
බමුණුආරච්චි මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදියි. අපේ වැට මායිමේ කෙනා බැහැ දෙන්න බැහැ කියද්දීත් පකිස්තානය අපට ඒ අවධියේදී නොබියව උදව් කළා. එය අප කිසිවිට අමතක නොකළ යුතුයි. උදව් කල කෙනෙකු අමතක කරන්නෝ ගුණමකුවන්ය සත්‍යකි. එමෙන්ම මෑතකදී පකිස්තානයට හොඳ, දුරදකින නායකයෙක් ලැබී ඇති බව අපගේ විශ්වාසයයි.
මං හිතනවා බමුණු මෙතෙක් කල සේවය සලකා ඒ උපදේශය පිළිගනීවී කියලා.
2002 පමණ යුද්ධයේ බිහිසුණු අවධියේ අපේ හමුදාවට ආයුධ හිඟව ඉන්දියාව අපිට පිටුපානවිට පකිස්තානය අපිට "මල්ටි බැරල්" අවි සපයා විශාල මෙහෙවරක් කළා.