නාලක සංජීව දහනායක
දියවැඩියා රෝගය වැළැක්වීමට උපකාරී වන නව වී ප‍්‍රභේදයක් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
නිරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගු අවම කාබෝහයිඩ්රේට් නිසාවෙන් රුධිරයේ අඩංගු සීනි ප‍්‍රමාණය අවම කර ගැනීමට හැකිවේ.
දියවැඩියා රෝගය සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් වී ඇති අතර අප රටේ සෑම පුද්ගලයන් සිව් දෙනෙකුගෙන්ම එක් අයකු දියවැඩියා රෝගයෙන් පෙළෙති. එබැවින් මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගාකර එම සහල් විදේශ රටවලට පවා අපනයන කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය.
අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් මෙම වී වර්ගය සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වා ඇත.
COMMENTS
දියවැඩියාව අඩුවන්න නම් බත් සහ පිටි අඩුවෙන් කන්න ඕනෑ... එමෙන්ම ව්‍යායාම අවශ්‍යයි. කොයි වී වර්ගයත් වැඩි වෙනසක් නැහැ. ඕවා බොරු කතා.
අපේ පැරැන්නන් තුන්වේලටම බත් කෑවේ ඇඟපත හොල්ලල වැඩ කරන නිසා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒ ඇත්තන්ට. දැන් ඉන්න අය තුන්වේලටම බත් ගිලලත් රටේ නැති ලෙඩ. මොකද ඇඟක් පතක් හොලවන්න කැමති නැහැනේ.
මම නම් කන්නේ සම්බා විතරයි.
වී වර්ග කීපයක් තියනවා පුදුම විදිහට සීනි ප්‍රමාණය අඩුවෙන.... අත්දැකීමෙන් කියන්නේ. මේවා බොරු නොවෙයි.
සහල් වල අඩංගු ප්රධාන සංඝටකය තමයි කාබෝහයිඩ්රේට් හෙවත් පිෂ්ඨය ඊට අමතරව තන්තු ප්රෝටින හා විටමින් වර්ග ඉතා සුළු ප්රමාණ වලින් තියනවා.මේ පිෂ්ඨය ආහාරයට ගත්විට එය ශරිරයේදී ජීරණය වී ග්ලුකෝස් බවට පත්වෙනවා. රුධිරයේ ග්ලුකෝස් ප්‍රමාණය ඉහළයාම පාලනය කල නොහැකි වූ විට එය දියවැඩියාව ලෙස හඳුන්වනවා. අද ලෝකයේ ජාන තාක්ෂණය ඉතාම දියණුයි. එමගින් ආහාරවල ගුණාත්මක හා ප්‍රමාණාත්මක වෙනස්කම් කළ හැකියි. ඒ නිසා එමගින් සහල් වල පිෂ්ඨය ප්‍රමාණය අඩුකර තන්තු හා ප්‍රෝටීන ප්‍රමාණය වැඩි කිරීම මගින් දියවැඩියා රෝගීන් සඳහා සුදුසු සහල් වර්ගයක් පහසුවෙන් නිෂ්පාදනය කළ හැකිවන අතර අජිත් මහතා ඕවා බොරු කතා යයි පැවසුවේ කුමණ පදනමකින්දැයි නොවැටහේ...
මොකක් කෑවත් සීමාවක් ඇතිව අනුභව කරන ප්‍රමාණය පාලනය කලොත් මැනවි. දවසකට අඩුම වශයෙන් සැතපුමක් වේගයෙන් ඇව්දොත්, සතියකට බිත්තර තුනක් කෑවොත්, ශරීර ගත සිනි අඩුවෙනවා, සහතිකයි.
අනේ මේවා මොන කතාද? මේ තත්වය යටතේ සමහර සහල් දියවැඩියාවට ගුණයි කියන එක විද්‍යාත්මකව පදනම් රහිතයි. මුන් අැට, පරිප්පු වගේ අාහර වල ප්‍රෝටීන් 40% ඇති අතර කාබෝහයිඩ්‍රේට් ඇත්තේ අඩු ප්‍රමාණයක්. එබැවින් එවැනි අහර දියවැඩියාවට ඉතා හිතකරයි. නිවුඩු සහල් වලත් එතරම් දියවැඩියාවට ගුණයක් නැහැ.