IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉන්දුනීසියා ජනපති සමඟ අගමැති ද්විපාර්ශික සාකච්ඡාවක්

අංජුල මහික වීරරත්න වියට්නාමයේ හැනොයි නුවර සිට
 
ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් කර ගනිමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය හා සාමය ආරක්‍ෂා කර ගැනීමේ වැඩපිළිවෙළ සඳහා එක්ව කටයුතු කළ යුතු බව ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.


අද (12) උදෑසන වියට්නාමයේ හැනොයි නුවර මෙලියා හෝටලයේ දී පැවති මේ සාකච්ඡාවේ දී, යුරෝපීය වෙළෙඳපොළෙහි ප්‍රමාණවත් කොටසක් අත්පත් කර ගැනීම සඳහා දෙරට එක්ව පොදු උපාය මාර්ගයක් ආරම්භ කිරීම පිළිබඳව ද අවධානය යොමු කළේය. 


ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර වෙළෙඳ, ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කරලීමේ අරමුණ ඇතිව දෙරටේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් මගින් කාලරාමු සහිත වැඩපිළිවෙළක් සකස් කිරීමට ද, එමඟින් අනාගතයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීමේ පදනම සැකසීමට ද එකඟත්වයට පැමිණියේය.


සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය සඳහා සාමුහිකව ගත හැකි පියවර සම්බන්ධයෙන් ද, දෙරටේ හමුදා අතර අන්තර් හුවමාරු ආරක්‍ෂක වැඩසටහන් සංවිධානය කරලීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.


ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුභ පැතුම් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත පිරිනමන ලදී. 


සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසින්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (4)

ඉන්දුනීසියා ජනපති සමඟ අගමැති ද්විපාර්ශික සාකච්ඡාවක්

දයාවතී Wednesday, 12 September 2018 09:58 AM

එහෙ ජනාධිපතිනියත් අපේ අගමැතිනිය වගේම කෙනෙක්ලු නේද..? අනේ මන්දා.. අපිට ඕනෙ නැහැ ඔය පුද්ගලික ඒවා...

:       16       48

රාජ් Wednesday, 12 September 2018 12:14 PM

දයාවතී නෝනේ, ඒ ගොල්ලෝ "අරවර්ගයේ" නිසා ඔයාලට හරි ප්‍රශ්නයක්ලු නේද..?

:       0       0

Raveendra Wednesday, 12 September 2018 10:40 AM

මල්ලියේ මං මේ මලයට කියන්නමයි හිටියේ .... මේගැන කාටවත් කියන්න එපා හොදේ...." බැංකු එහෙම කඩනවනම් කියන්න මං ගාව හොද ගෝලයෙක් ඉන්නවා" ..මිනිහගේ ගණුදෙනුත් හරිම සාධාරණයි . වැඩේ අත්දුටුයි සත්‍යයි ඉක්මන් කරන්න මිනිහව අල්ලගන්න හරිම අමාරුයි. එතරම් කාර්යබහුලයි.

:       18       65

ඇත්ත සත්‍යපාල Wednesday, 12 September 2018 11:51 AM

ලෝකයේ හොඳම "සේල්ස් රෙප්" ලෝකය වටේ ඇවිදිමින් ලංකාවේ කෑලි කෑලි එක එක රටට විකුණලා එනවා.

:       16       27

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31317 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13524 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 115 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 941 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site