ජුඩ් සමන්ත
පුත්තලම රජවිගම ප්‍රදේශයේ කුඩා දැරියකට හමුවූ බව කියන දඹ රන් බවට සැකකරන පිළිමයක් තම බාරයට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි.
අද උදේ රජවිගම ග්‍රාම නිලධාරීවරයා විසින් මෙම පිළිමය පොලිසියට බාරදෙනු ලැබ ඇත.
අගල් 4 ක් පමණ උස මෙම පිළිමය ග්‍රෑම් 500 කට ආසන්න බරකින් යුක්ත බව කරුවලගස්වැව පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
කරුවලගස්වැව පොලිස් වසමේ රජවිගම ගම්මානයේ පදිංචි 11 හැවිරිදි දැරිවියකට පසුගිය 27 වැනිදා ගෙවත්තේ මල් පාත්තියේ තිබී මෙම පිළිමය හමුවී ඇති බව කියයි. මේ බව දැන ගෙන ඇති ගම්වාසීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට මෙන්ම පොලිස් හදිසි ඇමතුම් අංශයටද දැණුම් දීමට කටයුතු කර ඇත.
ඒ අනුව රජවිගම ග්‍රාම නිලධාරීවරයා පිළිමය බාරගෙන එය අද පොලීසිය වෙත ලබා දීමට කටයුතු කර ඇත. මෙම පිළිමය නිධානයකින් ගත් එකක් බවට කිසිදු සළකුණක් නොමැති බව පොලීසිය කියයි.
COMMENTS
නිධානයකින් ගත්ත එකක් නොවේ නම්, විහාරස්ථානයකින් ගත් එකක් විය හැකියි.
මෙම පිළිමය නිධානයකින් ගත් එකක් බවට කිසිඳු සළකුණක් නොමැති බව පොලීසියට කියන්න පුළුවන් හැකියාව කුමක්ද? ඔවුන්ට පුරාවිද්‍යා වටිනාකම් ගැන කතාකරන්න පුහුණුවකුත් නැත. මේ පිළිමය අතින් අත මාරුවී, අවසානයේදී "මැටි පිළිමයක්" වීමට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාර දුන්නොත් යහපති...
අනේ කෙල්ලේ තව ටික වෙලාවක් හිටියා නම් කවරුහරි ඇවිල්ලා සල්ලි මල්ලක් දීලා යන්න තිබුණා.
එය ග්‍රැම් 500ක බරින් යුක්ත නම් පවුම් 62කට ආසන්නයි. බලධාරින්ගේ යුතුකම ඒ අසරණ දැරියට වටිනා පරිත්‍යාගයක් පිරිනැමීමයි. අනාගත දවස මේ රටේ කුපාඩි දේශපාලනඥයකු ඕක ම්ංකොල්ල කනවා නියතයි. මතකයිනේ කටුගෙයි කඩුව...
එම පිළිමය එම ළමයාටම දෙමු.
මේවා බාරදීමට සහ බාරගැනීමට මීට වඩා වැදගත් ක්‍රමවේදයක් අවශ්‍යයි. දැන් ග්‍රාම නිලධාරී මහත්මයා 27 ඉඳන් අද වෙනකම් තියාගෙන හිටියේ ඇයි? මේ අතර හොරු පැනලා ගත්තානම් කව්ද වගකියන්නේ? ඒ නිසා මේ වගේ දෙයක් රජයේ තක්සේරුවක් වෙලාසනින්ම කරලා බාර දුන්නා නම් සුදුසුයි.
මේ පිළිමයේ පුරාවිද්‍යා වටිනාකමක් නැත්නම් ආපසු එම ළමයාට භාරදීම යුක්ති සහගතයි.
හොඳ වෙලාවට අපේ රංගයා ඔය පැත්තේ ඉන්න නැතුව ඇති. රංගයා පන්සලේ නිධානයක් ගන්න ට්‍රයි කරපු කෙනානේ (සිඳු )
අලි ඇතුන් පවා පන්සල් අයිනේ දාලා යන මේකාලේ ඕවත් වැඩද?
ඕක රත්‍රන්ද කියල බලාගන්න ඔච්චර අමාරුද? ඕක බැංකුවකට අරන් ගියානම් එක මොහොතෙන් ප්‍රශ්නේ විසදෙනවා. ලංකාවේ පොලිසිය මෙතරම් අකර්යක්ෂමද ?
ලංකාවේ පොලිසිය මෙතරම් අකර්යක්ෂමද ? නැහැ ඒක මැටි කරන ක්‍රමයක් සොයනවානේ. අනික මන්ත්‍රී ගොයියා මොකද කියන්නේ කියලත් බලන්න එපාය.
පොලිසියට භාර දෙන්නේ නැතුව පුරාවිද්‍යාවට දුන්නනම්...