(මනෝප‍්‍රිය ගුණසේකර)
කොරියාවේ රැකියා ලබා දෙන බව කියමින් ගොවියකුගෙන් රුපියල් 75,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වු රඹෑව ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා බරපතල වැඩ සහිත වසර 13 ක සිර දඬුවමක් අද (03) නියම කළේය.
කිරි හරක් විකූණා මුදල් සොයා ගත් ගොවියෙකුගෙන් අල්ලස් ඉල්ලා ලබා ගත් මෙම විත්තිකරුට මහජන සේවය සඳහා බව පවසමින් දේශපාලනයට පිවිසෙන සෙසු දේශපාලනඥයින්ටද පාඩමක් වන අන්දමින් දඩුවම් නියම කරන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ ගංගා හෙයියන්තුඩුව මහත්මිය ඉල්ලීමක් කර තිබිණී.
එම ඉල්ලීම පිළිගනිමින් විත්තිකරුට මෙලෙස දඩුවම් නියම කළ විනිසුරුවරයා මෙම සිරදඬුවම වසර 05ක කාලයක් තුළ ගෙවී යන ලෙස ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.ඊට අමතරව රුපියල් 40,000ක දඩයක් ගෙවීමටද නියම කෙරිණි.
මෙලෙස දඬුවම් නියම වුයේ රඹෑව ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රනිල් මාධව කමල්නිළමේ නමැත්තාටය.අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබිණි.
ඉදිරිපත් වු සියලු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අල්ලස් ඉල්ලීමේ චෝදනාවට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද, අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පවරා තිබු චෝදනා දෙකට වසර 04 බැගින් වසර 08ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගොවියකුගෙන් අල්ලස් ගත්තැයි හිටපු ප්‍රා.සභාපති සිරගෙට
ravin Thursday, 03 August 2017 12:54 PM
දෙසපලුවෝ කවදද පාඩම් ඉගෙනගත්තේ. ලැජ්ජා නැති එවුන්. ප්‍රජා අයිතිය අහෝසිකර සියලු දේපල රාජසන්තක කලා නම් ටිකක් විතර තේරෙයි.
ratawassek Thursday, 03 August 2017 01:32 PM
අනේ පව් පොහොට්ටුව.