රෝවන් පෙරේරා
වසර දෙකකට පසුව කරුවලගස්වැව මහකරඹෑව වැව වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. මී ඔයේ ජලමට්ටම ඉහළ යාමත් සමග වැවේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබේ.
වැව් වාන් දැමීමට පටන් ගැනීමත් සමග ජනතාව මසුන් ඇල්ලීමට සහා දිය නෑම සඳහා යෑමට පුරුදුවී සිටිති. මහකරඹෑව වැවේ පිටවානට පහළ ප්‍රදේශයේ ගලායන ජලයත් සමග විශාල ප්‍රමානයේ මසුන් පහලට ඇදී යෑම නිසා ජනතාව කුඩා දරුවන්ද සහභාගී කර ගනිමින් දැල් දමා මසුන් මැරීම සහා දිය නෑම සිදුකරති. මෙම තත්වය අනතුරු දායක විය හැකි බව බලධාරීහු පවසති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd