IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


හෝටන්තැන්නට පිවිසෙන්න තවත් මාර්ගයක් ඉදිකරනවාට විරෝධය

(ඉන්දික අරුණ කුමාර)
 
හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා එහි පිවිසීමට මේ වනවිටත් මාර්ග දෙකක් තිබියදී තවත් මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව 'දේශීය වානාන්තර සුරැකීමේ සංගමය' කියා සිටියි.
 
එහි සභාපති අතීක් නසීර් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
 
මේ වන විටත් පට්ටිපොළ හා ඔහිය දෙසින් හොර්ටන් තැන්නට පිවිසීම සදහා මාර්ග දෙකක් පවතින බවත්, නව මාර්ගය ඉදි කළහොත් එහි කටයුතු හේතුවෙන් හෝර්ටන් තැන්නට ආවේණික සත්ව විශේෂ රැසක් විනාශ වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම සිය නිවේදනයෙන් දක්වා තිබේ.
 
නන්පෙරියල් වතුයාය හරහා නැග්රැක් දක්වා වාහනවලින් ගමන් කර පසුව පා ගමනින් ලෝකාන්තය දක්වා සංචාරකයින්ට ගමන් කිරීම සඳහා මෙම නව මාර්ගය සැලසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.
 
සැලසුම් කර ඇති නව ප්‍රවේශය අධික නායයාම් හා රිය ධාවනයට නොසුදුසු ප්‍රදේශයක් බවත්, මේ හේතුවෙන් එහි පැමිණෙන සංචාරකයින් පවා අනතුරට ලක්විය හැකි බවක් 'දේශීය වනාන්තර සුරැකීමේ සංගමය' අවධාරණය කරයි.



අදහස් (10)

හෝටන්තැන්නට පිවිසෙන්න තවත් මාර්ගයක් ඉදිකරනවාට විරෝධය

asanka Sunday, 20 September 2020 10:53 AM

ඇත්ත... මහා ජනකායක් මේ ස්ථානයට ඇදී ඒමෙන් මෙහි ඇති ජෛව පද්ධතියට හානියක් විය හැකියි. හැකිනම් කළ යුත්තේ ඔහිය සහ පට්ටිපොළ මාර්ගවල වාහන ගමනාගමනය නවතා, වනෝද්‍යාන නැරඹීමට කැමති අයට පා ගමනින් පමණක් එහි යාමට සැලැස්වීමයි.

:       0       0

surath Sunday, 20 September 2020 04:31 PM

තීරණ ගැනීමට පෙර අදාල අංශවල නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීම කල යුතුය.

:       1       39

සෙනෙවිරත්න Sunday, 20 September 2020 04:34 PM

මෙන්න අන්‍ය ජාතජාතිකයෙක් රටේ සංවර්ධනයට බාදා කරනවා. රට ගැන කතා කරන්න අන්‍ය ජාතිකයන්ට අයිතියක්, නැහැ.

:       62       0

Perera Sunday, 20 September 2020 06:40 PM

ලිඳුල ආගරපතන ඩයගම හරහා හෝටන් තැන්නට පිවිසිය හැකි තවත් පාරක් දැනට තිබෙනවා.

:       0       72

සමරේ Monday, 21 September 2020 03:40 AM

ඔයාලා පැනික් වෙන්න එපා. සර් ආවෙම පාරවල් කාපට් කරන්න තමයි. සර් ඔය වැඩෙ ලස්සනට කරල මියුසිකල් ෂෝ එකක් තියල ඕපන් කරයි. එදාට ගිහින් ඔයාලත් නටල එන්න. ඕවට විරුද්ධ වෙලා දේශද්‍රෝහී වෙන්න එපා...

:       0       278

sachithMonday, 21 September 2020 07:17 AM

කියන්න තියෙන දේ කෙලින්ම කියලා.

:       0       206

Sanka Monday, 21 September 2020 04:57 AM

ජනනායක සර් ගේ ශෝෂල් මීඩියා වල යන වීඩියෝ එක අනුව... මේ කරන්න යන්නේ මහ සහගහන අපරාදයක්.

:       0       472

කීර්ති Monday, 21 September 2020 09:42 AM

අනේ අහන්නත් සතුටුයි. ජනනායක සර් තාම ඉන්නවද? දැන් මේ වෙන දේවල්වලට සර්ගේ අමිශ්‍ර හෙළ ජාන තියෙන ලේ කකියන්නේ නැත්ද දන්නේ නෑ. රට මැද්දෙන් ඇමරිකාවට දෙනවා කියලා ඉරි ඇඳ ඇඳ පෙන්න පෙන්න තුනෙන් දෙක අරන් දෙන්න සෑහෙන්න කඩේත් ගියානේ..

:       388       109

KooralageMonday, 21 September 2020 10:59 AM

කීර්ති, ඔයාගේ කතාව නම් ඇත්ත. ඒත් දැන් ජනනායක සර් තිත්ත ඇත්ත කතාකරන්න පටන් අරන් තියෙනවා... පහුවෙලා හරි... ඇත්ත තේරිලාද මන්දා..?

:       1       2

Athula Monday, 21 September 2020 08:48 AM

මේවා දකින කොට මොවුන් බලයට ගේන්න දඟලපු ජඩයින් එක්ක අැතිවන්නේ මහ පිළිකුලක්... දැන හෝ නොදැන ඔවුන් කලේ මහා විනාශයක්...

:       72       235

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29462 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11689 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 724 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 216 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 866 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site