IMG-LOGO

2023 ජුනි මස 03 වන සෙනසුරාදා


රාජ්‍ය උත්සව අද සිට තහනම්

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු ම රාජ්‍ය උත්සව අද (25) සිට ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කර ඇත.

එසේම ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සැලසුම් කර සැළසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව ,රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

කොවිඩ් 19 පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණ ගත් බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

මේ අතර රටේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් දක්වන කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් ඇතැම් ජනතාව පිළිනොගන්නා තත්ත්වයක් තිබෙන බව පැවසීය.

සමහරුන් සෞඛ්‍ය උපදෙස් ගණන් නොගෙන විනෝද සවාරි වල යෙදෙන බව කී යුද හමුදාපතිවරයා එවැනි කටයුතු වලින් වහාම වළකින්නැයි ද ඉල්ලීමක් කළේය.

මේ අවස්ථාවේ දී උත්සව කිසිවක් සංවිධානය කිරීමට අවසර නැතැයි ද ඔහු පැවසීය.

තව ද විශාල වශයෙන් සෙනඟ රැස්වන ස්ථානවලට ගමන් කිරීමෙන් වළකින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

 



අදහස් (6)

රාජ්‍ය උත්සව අද සිට තහනම්

මාමා Sunday, 25 April 2021 11:41 AM

පිළිසඳරකට කියල ගමට ගිහින් සිය සිය ගණනක් කොරෝනා අවධානමට ලක්කිරීමත් තහනම්ද ?

:       1       7

සිරිබිරිස් Sunday, 25 April 2021 11:54 AM

අයියෝ ................. එතකොට "ගම සමඟ පිළිසඳරක්" නැත්ද ?

:       1       6

asd Sunday, 25 April 2021 04:04 PM

නුවරඑළිය නගරාධිපතිට කියන්න

:       1       5

fairoos Monday, 26 April 2021 07:08 AM

දැන් එහෙනම් ඔයාලා කියන එක කවුරුවත් පිළිපදින්නේ නැත්තේ සර් ෆේල්ද? 

:       0       3

Kamal Koyala Monday, 26 April 2021 07:15 AM

සිරා වෙනම යනවා කිව්වා... විරුද්ධ පක්ෂවලට, වෘත්තීය සමිතිවලට තලුමරන්න තිබුණ මාතෘකා ගොඩක්... වලව්වේ අය බයවුණා... ඒකයි මේ.. ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියන්න යන්නේ කම්කරු දිනයේතහනම් කළා කියලා..

:       1       3

ලක්විදු Monday, 26 April 2021 08:41 AM

ඒවා සදාකාලෙටම තහනම් කරන්න... එතකොට නම් රටට හොඳ කලක් යාවි...!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දියාවේ දුම්රිය දෙකක් හැපිලා
2023 ජුනි මස 03 679 0

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් එකිනෙක හැපී 207 දෙනකු මියගොස් ඇති බවත්, 1000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත් වාර්තා වේ


කෘෂිකර්මය නංවන්න බිල් ගේට්ස් අත දෙයි
2023 ජුනි මස 03 1115 0

ලංකාවේ කෘෂිකර්මය දියුණු කිරීම සඳහා ලෝක ප්‍රකට මයික්‍රොසොෆ්ට් ආයතනයේ හිමිකරු බිල් ගේට්ස් මහතාගේ බිල්ගේට්ස් පදනම ඉදිරිපත් වී සිටී.


ලෝක බැංකුව ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කරයි
2023 ජුනි මස 03 1821 0

ලෝක බැංකුවේ කොන්දේසි ලිහිල් කර ගනිමින් ආධාර මුදලක් ඉල්ලීමට තිබූ අවසන් තත්පරයේ දී අදාළ ලේඛන ඉදිරිපත් කොට ඩොලර් මිලියන 450ක ආධාරයක් අනුමත කර ගැනීමට හැකිව


කොන්ත්‍රාත්කරුවන්ගේ හිඟ වාරික සියල්ල ගෙවයි
2023 ජුනි මස 03 838 0

රජය සමඟ එක්ව වැඩ කරන කොන්ත්‍රාත්කරුවන් සියලු දෙනාට ගෙවීමට තිබූ හිඟ වාරික සියල්ල ගෙවා අවසන් කිරීමට රජය සමත්වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත


මිහින්තලේ පුදබිම ඒකා ලෝක වේ
2023 ජුනි මස 02 1288 0

ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු ය


ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි
2023 ජුනි මස 02 278 0

සීමාසහිත විජය පුවත්පත් සමාගම මගින් වාර්ෂිකව සංවිධානය කරන ඓතිහාසික තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාව, 20 වැනි වරටත් තන්තිරිමලේ රජ මහා විහාරයේ දී අද (2) ආරම්භ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 176 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1125 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 640 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site