බිමල් ශ්‍යාමන්
කොළඹ අලුත් කඩේ අධිකරණ අසලදී කෝටිපති ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ පහරකෑමකට ලක්ව මිය ගිය වෙඩික්කරු දින එකොලහකට පසුව අද (28) හඳුනාගත් බව පොලිසිය කියයි.
එලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල රඹුක්කන පදිංචි 23 හැවැරදි ගමරාලලාගේ නිරෝෂන් පුෂ්පකුමාර යන අය බව හඳුනාගෙන ඇත.
ඉකුත් 16 වැනි දින මිය ගිය වෙඩික්කරු විසින් කොළඹ 12 පදිංචි කරුවෙකු වූ අබ්දුල් හූසේන් නැමති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇති අතර වෙඩික්කරු වෙඩි තබා පලායාමට සුදානම් වන අවස්ථාවේ ප්‍රදේශවාසීන් එක්ව ඔහුට පහර දී තිබේ.
බරපතල තුවාල ලබා රෝහල් ගත කළ වෙඩික්කරු පසුව මිය ගොස් ඇති අතර මෙය පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් බව පොලිසිය පවසයි.
COMMENTS
23 හැවිරිදි මිනීමරුවා කුලී ඝාතකයෙකු විය හැකිය. ඔහුට මැරෙන්නටම පහර දුන් පුද්ගලයින් අතර මෙම අපරාධයට සම්බන්ධ කවරෙකු හෝ සිටින බවට අනුමාන කරමි!
නීතිය අතට ගත්ත අයට, නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද එතකොට ?..