(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු අංක 51 දරණ සීඝ්‍රගමි දුම්රිය එන්ජිමේ ඇති වු ගින්නක් දුම්රිය කාර්ය මණ්ඩලය හා මගීන් එක්ව අද (01) සවස නිවා දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
කඹුරුගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෙම ගින්න ඇති වී තිබේ. එම නිසා පැය භාගයක පමණ කාලයක් දුම්රිය ගමන ද ප්‍රමාද වී ඇත.
පසුව වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබු රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රියේ එන්ජිම යොදා ගෙන ගිනි ගැනීමට ලක්වු දුම්රිය මරදාන බලා ධාවනය කිරීමට දුම්රිය බලධාරිහු ක්‍රියා කර තිබේ.
COMMENTS
එතකොට .... රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රියේ එන්ජිම යොදා ගෙන ගිනි ගැනීමට ලක්වු දුම්රිය මරදාන බලා ධාවනය කලේ ... එකේ හිටපු මගීන් කඹුරුගමුව දුම්රිය ස්ථානයේ වේදිකාවේ බස්සලද ? දන්නේ නැති නිසයි ඇහුවේ. අපේ මාමා ආදී කාලේ මිලට ගත්, කෑලි හැලෙමින් දුවන පරණ ෆෝර්ඩ් කාර් එකත් ඔහොම ගිනි ගත්තා ලඟදි දවසක. නැන්දා කියනවා නියම වෙලාවට වතුර, තෙල් එහෙම දානවා නම් ඔහොම ගිනි ගන්නේ නැහැ කියල ! ! අනේ මන්ද, උන්දැත් නොදන්නා දෙයක් නැහැ ....
මේ දුම්රිය එන්ජින් අවුරුදු 30ක් 40ක් පරණ ඒවා. පාලකයෝන්ට අධි සුඛෝපභෝගී වාහන ගන්න තියෙන උනන්දුව තමන්ට ඡන්දෙ දුන්න මිනිස්සුන්ට සලකන්න නෑ. මේ එන්ජින් මේ තරමටවත් ධාවනය වෙන්නේ දුම්රිය දෙපාර්තුමේන්තුවේ තාක්ෂණික ශිල්පීන් ගේ හැකියාව හින්ද. නැත්නම් මෙලහකටත් ලංකාවේ දුම්රිය සේවය කියන්නේ නිකන්ම නිකන් නමක් විතරයි.
තුන් ගුණයක සංවර්ධනයක් ගැන කතාකරගෙන ආව මේ ආණ්ඩුව අද වෙනකම් දුම්රිය ධාවනය වැඩි කරගැනීමට කල දෙයක් නැහැ. වැඩි වන දුම්රිය මගීන්ට කිසිම සහනයක් නැහැ
ඔය පින්තුරේ තියෙන දුම්රිය එන්ජිමද ගිනි ගැනීමට ලක් උනේ ? ඔවැනි එන්ජින් 5ක් කැනඩා රජය මගින් ශ්‍රී ලංකාවට තෑගි දුන්නේ 1950 ගණන් වලලු. බලන්නකෝ ඒවා තවමත් හොඳින් දුවනවා නේ තරුණ කෝල්ලෝ වගේ. වෙන රටවල නම් මේවා දුම්රිය කෞතුකාගාරවල මහජන ප්‍රදර්ශනය සඳහා තබන ප්‍රදර්ශන භාණ්ඩ පමණයි. සකල සිරින් පිරි සිරි ලංකාවේ තමා තවමත්, ගිනි තියාගෙන හරි මහජන සේවයට ඇප කැපවී සිටින්නේ.