(ඉන්දිකා රාමනායක)
අරලියගහමන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හය දෙනකුගෙන් හෙට (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන , සී බී රත්නායක, ඉන්දික අනුරුද්ධ යන මහත්ම මහත්මීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම් 5 ක් අද (17) මොවුන්ගේ ප්‍රකාශ ලබා ගැනීමට පාර්ලිමේන්තුව ගියද ප්‍රකාශ ලබා ගැනීමට හෙට (18) දිනයේ එකග වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්කි ඇති නම් මෙතෙක් හදුනාගෙන ඇති මන්ත්‍රිවරුන් ඇතුලු සැකකරුවන් 22 අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසට ඊයේ (16) නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් ද ඇත.
COMMENTS
මාධ්‍ය මගින් සජීවව දර්ශනය කළ තොරතුරු අනුව පැහැදිලිවම මේ මන්ත්‍රීවරුන් හයදෙනා බීමත් පොහොට්ටු පාක්ෂිකයින් පොළඹවන ආකාරය මුලු ලෝකයටම දැකගත හැකිවිය. එසේනම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර, වෙනත් සාමාන්‍ය සැකකරුවන්ට සලකන ආකාරයටම සැලකීමක් නොකරන්නේ ඇයි? නීතිය සැමටම එකක් විය යුතුයි. ඔවුන් මන්ත්‍රීවරුන්, රාජපක්ෂ හිතවාදීන් කියා වෙනසක් නොකළ යුතුයි. නැතහොත් ජනතාවගේ නීතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටෙනු ඇත.