(ඉන්දිකා රාමනායක, තිලකරත්න දිසානායක සහ උපාලි රණවීර)
ගනේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ වෙඩික්කරු අද(26)අලුයම ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.
සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අද අලුයම 5.30 ට පමණ පොලිස් නිලධාරීන් රබර් වත්තපාර ප්‍රදේශයේ ක්ෂණික මාර්ග බාධකයක් දමා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබියදී මෙම සැකකරු යතුරු පැදියකින් පලා යාමට උත්සාහ ගෙන ඇති බව පොලිසිය කියයි
සැකකරු නැවැත්වීමට පොලිසිය අණ කළ ද ඔහු වූ පොලිස් නිලධාරීන් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ පළා යාමට උත්සාහ කිරීමේදී පොලිසිය ඔහුට වෙඩි තබා ඇත .
පොලිස් වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ සැකකරු මල්වතු හිරිපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත .මිය ගිය මෙම සැකකරු ඝාතන ඝාතන කිහිපයක වෙඩික්කරුවෙකු වශයෙන් කටයුතු කර ඇතැයි ද පොලිසිය කියයි
මියගොස් ඇති සැකකරු (25) හැවිරිදි තරුණයෙකි.
(ඡායාරූප - උපාලි රණවීර)



COMMENTS
නියමයි..!!!