(අමල් වික්‍රමරත්න)
දකුණු පළාතේ පැතිර යමින් ඇති ඉන්ෆ්ලුවෙන්සා " ඒ "රෝගය පසුගිය මාස කිහිපයේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වලට පැතිර ගොස් ඇතිබවට තොරතුරු වාර්තාවි ඇතිබව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂ වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
විශේෂයෙන් කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල සහ දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන්වල රෝහල් වලින් ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ආසාදනය වූ රෝගීන් වාර්තාවී ඇති බවද ඇය වැඩි දුරටත් පැවසීය.මෙම වයිරසය පැතිරයතත් රෝගය පාලනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇතැයිද ඇය පැවසූවාය.
උණ, හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස , උගුරේ වේදනාව වැනි ස්වශන ආබාධයක් ඇත්නම් වඩාත් සැලකිලිමත් වන ලෙසත් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් වහාම ප්‍රතිකාර ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඇය ජනතාවට දන්වා සිටී.
විශේෂයෙන්ම හුස්මගැනීමේ අපහසුව සමග උණ බැස නොයාම දිනකිහිපයක් තිබේනම් වහාම රජයේ රෝහලකට ඇතුළත්වන ලෙසද ඇය දන්වා සිටී.රෝගය වැළදී ඇති තැනැත්තන් අනෙකුත් නිරෝගී අයගෙන් වෙන්ව සිටීම මගින් රෝගය ව්‍යාප්තිය වලක්වා ගත හැකිබවද පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.
COMMENTS
ජපානයේ ඉන්ෆ්ලුවන්සා දරුණුවට තිබෙනවා. නමුත් වාර්ෂික එන්නත් මගින් පාලනය කරලා තියෙන්නේ. ඉක්මණින් එවන් එන්නතක් හඳුන්වා දෙන්නේ නම් හොඳයි. විශේෂයෙන්ම කුඩා ළමුන්ට...
මහමුදලි තුමා කිව්වේ 95% පලනය කරලා තියෙන්නේ කියලා... දැන් මොකද කියන්නේ?
සුළඟින් පැතිරෙන රෝගයක් නිසා මැඩපවත්වන්න අපහසු ඇති. නමුත් සෞඛ්‍ය බලධාරින් මෙය මැඩ පවත්වන්න අවශ්‍ය පියවර ගන්නා බවක් පෙනෙන්නේ නැහැ. විශේෂයෙන්ම මේ රෝගය ගැන කරන දැනුවත් කිරිම් නිසිලෙස වෙන බවක් පෙනෙන්නට නැහැ. එය තමයි මේ මොහොතේ ඉතාම වැදගත් කාරණය ලෙස මා දකින්නේ.
සෞඛ්‍ය ඇමති මාද්‍ය ඉදිරියට ඇවිල්ල රටේ ප්‍රශ්න ගැන කතා කරනවා. තමන්ට අදාල විෂය හරියට කරන්නේ නෑ ඉස්සල්ලම ඇමති අයින් කරන්න ඕන. දකුණේ තියෙද්දී නිසි පියවරක් ගත්තනම් රටටම ව්‍යාප්ත වෙන්නේ නෑ. දැන්වත් බොරු කයිය නොගහ ජනතාව දැනුවත් කරලා මේක මැඩ පවත්වන්නට පියවර ඉක්මනට ගන්න ඕන.