IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හෙලිකොප්ටරයක් නිර්මාණය කළ සිසුවා උසස් අධ්‍යාපන ඇමැති හමුවෙයි

 

(ඩයනා උදයංගනී)

හෙලිකොප්ටරයක් නිර්මාණය කළ රත්නපුර, කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂික දිලංක සිසුවා අද (2) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා හමුවිය.

තාක්ෂණවේදය හදාරන 13 වසර ශිෂ්‍යයෙක් වන තරුෂික අමාත්‍යවරයාගේ ආරාධනයක් අනුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණියේය. අමාත්‍යවරයා එම සිසුවාගේ තොරතුරු විමසූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

අමාත්‍යංශ ලේකම් අනුර දිසානායක, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ ලේකම් ආචාර්ය ප‍්‍රියන්ත පේ‍්‍රමකුමාර යන  මහත්වරුන්, සිසුවාගේ පාසලේ විෂය භාර ආචාර්යවරයා, සිසුවාගේ දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

එම සිසුවා ලබන වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු අවශ්‍ය තාක්ෂණික සහ න්‍යායාත්මක දැනුම ලබා දෙමින් ඔහුට අවශ්‍ය නිපැයුම් සඳහා යොමු කිරීමට ද නව නිපැයුම් කරුවන්ගේ කොමිසමේ සභාපති මහාචාර්ය රංගික හල්වතුර මහතාගේ ද අදහස් විමසීමකින් පසු අමාත්‍යවරයා තීරණය කළේය.



අදහස් (12)

හෙලිකොප්ටරයක් නිර්මාණය කළ සිසුවා උසස් අධ්‍යාපන ඇමැති හමුවෙයි

surath Monday, 02 December 2019 03:58 PM

ඔබට සුභ පැතුම් ! නොනැවතී ඉදිරියට යන්න.

:       0       136

Voter Monday, 02 December 2019 04:45 PM

මගේ සුබ පැතුම්!

:       1       221

Keppetipola Monday, 02 December 2019 11:59 PM

ඔබ වැනි දරුවන් රටට සම්පතක්. ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු සාර්ථක වේවා කියමින් ඔබට සුභ අනාගතයක් පතමි.

:       3       283

විමලවංශ හිමි Tuesday, 03 December 2019 02:45 AM

පුතාට සුබ පැතුම්! (මේ වගේ දේටත් ඩිස්ලයික් දාන අය ඉන්නවනේ හැබැට).

:       0       82

අප්පුහාමි Tuesday, 03 December 2019 03:11 AM

සමහරුන් මිත්‍යාවන්සේ දැක්වුවත් ලෝකයේ කථාවලින්හෝ ගුවන් යානා ගැන කියවෙන්නේ රාවණා කාලයේ තිබුන දඬුමොණරය ගැනය. එවැනි අතීතයක් ඇති අප රටට නිදහස ලබා අවුරුදු 72 ක් ගතවූ කාලයේ මෙවැනි නිර්මානයකට සැලකිල්ලක් දැක්වීම අගය කල යුතුය. කුමන දෙයකින් හෝ නව නිර්මාන කරන අයව දිරිගන්වා රටේ අනාගතය දියුණු කිරීමට පාලකයින්ට නැණ නුවන පහලවේවා මේ දිරිය පුතාට සුභ පතමි.!

:       0       130

යාපා Tuesday, 03 December 2019 03:18 AM

රටේ සම්පත් මේ දරුවෝ තමයි. අපි හැමෝම එකතුවෙලා මේ රත්තරන් පුතාලා රැකගත යුතුයි.

:       0       24

amila Tuesday, 03 December 2019 04:10 AM

හැඩය පමණි අඟලක්වත් උස්සන්න බෑ

:       330       341

Perera Tuesday, 03 December 2019 04:12 AM

තරුෂිත පුළුවන් තරම් ඉක්මනට ලංකාවෙන් දියුණු රටකට යන්න. ඔබේ ඔය කුසලතාවයන් සහ හැකියාවන් ඔප නංවලා වැඩක් ගන්න තරම් මොලයක් තියෙන අය අපේ රටේ දේශපාලනයේ නැහැ.

:       2       34

fairoos Tuesday, 03 December 2019 05:33 AM

මගේ සුබ පැතුම්!

:       0       3

පිටිගල මිලානෝ Tuesday, 03 December 2019 07:43 AM

ඇමතිතුමාව හෙලිකොප්ටරයේ දාලා යවන්නකෝ.

:       0       0

තරුෂිත නවෝද් Saturday, 26 February 2022 12:22 AM

අපේ කොල්ලෙක්... ආඩම්බරයි බන්..!

:       0       0

තරුෂිත නවෝද් Saturday, 26 February 2022 12:23 AM

අපේ කොල්ලෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31234 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13402 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 915 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site