(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන කිරීම සම්බන්ධයෙන් වූ ගිවිසුම පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී මැතිඇමතිවරුන්ට අද කරුණු පැහැදිලි කර දුන් බව අගමැති කාර්යාලය පවසයි.
මේ අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන්
සභාව කල් තබන අවස්ථාවේ විවාදය දින තුනක් පැවැත්වීමට නියමිතය .
මෙම විවාදය 19ස 20 යන දෙදින පමණක් පැවැත්වීමට මුලින් තීරණය කර තිබිණ. විවාදය සඳහා ලබන 21 වෙනිදා දිනයද කතානායකවරයා සමඟ සාකච්ඡා කර යොදා ගැනීමට කටයුතු කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඊයේ(18)උපදෙස් දුන්නේය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බහුතරයක් විවාදයේදී අදහස් දැක්වීමට සූදානම් ව සිටින හෙයින් විවාදය සඳහා ලබන 21 වැනිදා සිකුරාදා දිනයද වෙන්කර දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අගමැතිවරයාගෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඊයේ ඉල්ලීමක් කළේය.
අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මෙම ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවැත්විණ.
එය මේ වසරේ පැවැත්වුණු පළමු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමයි.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්මන්පිලගෙන් මැතිඇමැතිවරුන්ට පාඩමක්
Demuni Uduwara Wednesday, 19 January 2022 04:25 AM
ඉන්දියාවේ පාඩමක් නමුත් "පිවිතුරු හෙළ උරුමය"!