( ප්‍රින්ස් රත්නායක )
බළන්ගොඩ ආනන්ද මෛත්‍රිය ජාතික පාසලට නව විදුහල්පතිවරයකු ඉල්ලා අද (06) එම පාසලේ සිසුන්ගේ දෙමව්පියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.
පාසලේ හිටපු විදුහල්පති ආර් එම් යසරත්න මහතා විශ්‍රාම ගොස් මාස 4 ක් ගතවූවත් මෙතෙක් නව විදුහල්පතිවරයකු පාසල් පරිපාලනයට යොදා නැති බව විරෝධතාකරුවෝ කීහ.
එම පාසලේ ආදි විදුහල්පතිවරුන්,ආදී ගුරුවරුන් මෙන්ම හිටපු සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍ය භාණු මුණිප්‍රිය මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
එම පාසල ඉදිරිපිට සිට බලගහමුල ඔරලෝසු කණුව අසලට පැමිණි විරෝධතකරුවෝ බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ යෙදුණහ.
පාසලේ සිසුන්ද පාසල ඉදිරිපිටට පැමිණීමට උත්සාහ කළද එම අවස්ථාවට එක්නොවන ලෙස විරෝධතාකරුවෝ සිසුන්ට දන්වා සිටියහ.
එසේ වූවද එම සිසුහු පාසල තුළ රතිඤ්ඤා පත්තුකරමින් විරෝධතාවයේ නිරතවූහ.
බළන්ගොඩ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි අතර පාසල් දරුවන් ප්‍රධාන ගේට්ටුවෙන් එළියට ඒම වළක්වමින් ආරක්ෂක පියවර යොදා තිබිණි.






2025 දෙසැම්බර් මස 04
379
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
436
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විදුහල්පතිවරයකු ඉල්ලා විරෝධතාවයේ
kalpa Monday, 06 November 2017 02:15 PM
නියමම ඇමැති කෙනෙක්නේ..තිබෙන ප්‍රශ්නය අදාළ තැනට ඉදිරිපත් නොකර පාරෙ පිකටින් කළාම හරිද? මෙහෙම අයටද අපි ඡන්දෙ දෙන්න ඕනෑ.